සිතුම් චතුරංග
එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් වවුනියාව කල්මඩු ප‍්‍රදේශයේ ඉඩමක්තුල වළ දමා තිබෙන රත‍්‍රං තොගයක් ගොඩගැනීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසකට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා ලබන අපේ‍්‍රල් 1 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත‍්‍රාත් තෂ්මින් ෆවුෂාන් මහත්මිය අද (19) නියෝග කළාය.
කැණීම් කළ ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් කැඳවන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සෙසු සැකකරුවන් පස්දෙනා සමඟ එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගත කෙරුණේ ඊච්චන්කුලම ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂ් ආරියරත්න සහ එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල් ඩි.ඒ.ටි.එන් විදාන යන නිලධාරීන් වේ.
අදාල වැටලීම සිදුකරන අවස්ථාවේ කැණීම් සිදුකළ ස්ථානය ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එම මෝටර් රථයේ ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් කොස්තාපල්වරයකු සිටි බව වවුනියාව පොලිසිය පැවසීය.
විමර්ශන සිදුකරන නිලධාරීන් විසින් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී ඊච්චන්කුලම ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා සමඟ අත්අඩංගුවට පත් සැකකරුවන් ඝෘජුව සබඳතා පැවැත්වූ බවට තොරතුරු රාශියක් අනාවරණයවූ බවද සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වවුනියාව , මන්නාරම දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ වවුනියාව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ අතර ඒ අනුව සැකකාර ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයා අද (19) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.
කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවටගත් සැකකරුවන් කුරුණෑගල , පොලොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 ත් 54 අතර ව්‍යාපාරිකයින් පිරිසකි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඊච්චන්කුලම ස්ථානාධිපති - කොස්තාපල් රිමාන්ඩ්