නිමන්ති රණසිංහ

 

රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 108 ක් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළාය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය මගින් දින 7 ක රැඳවුම් නියෝගයකින් පසු අද  අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම ජාවාරම්කරුවන් ඉරානයේ සිට පාකිස්ථානයෙන් මත්ද්‍රව්‍ය පටවාගෙන මෙරටට යාත්‍රා කළ බව පරීක්ෂණ වලදී හෙළි  වී ඇතැයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අධිකරණයට කරුණු වාර්තා කළේය.