IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


ඉරණමඩු ජලාශයේ සේනානායක මහතුන්ගේ නාම පුවරු ඉවත්කරලා

රොමේෂ් මධුෂංඛ
 
ඉරණමඩුව ජලාශ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරමින් ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව 1954 වසරේ එවක ඉදිකර තිබු සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව පැවති නාම පුවරුව මේ වන විට ඉවත් කර ඇති බව කිලිනොච්චිය ප්‍රදේශවාසීහූ පවසති.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමට අදාළව එවකට අග්‍රාමාත්‍ය වු ඩී.එස්.සේනානායක මහතා හා එවක කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති නාම පුවරුව එලෙස ඉවත් කර ඇති බවයි.

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ ඉරණමඩුව ජලාශය 1954 ව‍ස‍රේ ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීමේදී සේනානායක මහත්වරුන්ගේ නම් සඳහන්ව අදාළ නාම පුවරුව ඉදිකර ‍තිබු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලයේ දෙවැනි ඉංජිනේරු ප්‍රේම්කුමාර් මහතාගෙන් විමසීමේදී පැවසූවේ අදාළ නාම පුවරුව ඉවත් කිරීමට පියවරක් ගෙන නොමැති බවටයි.



අදහස් (10)

ඉරණමඩු ජලාශයේ සේනානායක මහතුන්ගේ නාම පුවරු ඉවත්කරලා

Buddika Monday, 10 December 2018 11:46 AM

සේනානායකලාට වඩා තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඇති. රුවන්වැලි සෑයෙත් නම ගහයිද දන්නේ නැහැ.

:       234       540

sirimal Monday, 10 December 2018 11:50 AM

එල් ටී ටී ඊ කාලයේදීවත් වෙච්ච නැති වැඩක්නේ මේ අපමණ අගයක් තියෙන බව කියපු මෛත්‍රී යුගයේදී වෙලා තියෙන්නේ. ඒ වුණාට ගුවන් තොටුපලවල්වල, වරාය වල නාට්‍ය ශාලා වල නාම පුවරු වලට ඔහොම වෙලා නෑනේ. බලන්නකෝ ඒකෙත් හැටි.

:       256       515

SirilalTuesday, 11 December 2018 03:49 AM

අපි මහ බැංකුව වෙනස් කරන්න ඉන්නේ..............

:       1       1

daya Monday, 10 December 2018 12:05 PM

නාමපුවරුව තියෙනවා. ඒක මෝඩයින්ට පේන්නේ නැතිලු.

:       89       139

jayantha Dassanayaka Monday, 10 December 2018 12:39 PM

සිංහලේ ඉතිහාසය විනාශ කරන්න ඔය කට්ටියට හරිම අමාරුවක් තියන්නේ....

:       74       357

පිටිගල මිලානෝ Monday, 10 December 2018 01:00 PM

අර එහාට මෙහාට පනින මුනුබුරා කියා ගන්න කෙනා බෝඩ් එකත් විකිණුවාවත්ද?

:       0       132

රවින් Monday, 10 December 2018 02:39 PM

තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න හදනවා. දේශපාලකයන්ට අපගේ ඉතිහාසය වෙනස් කරන්න දෙන එක නම් ඒතරම්ම හොඳ වැඩක් නොවෙයි. තව ටික දවසක් යනකොට සිගිරිය හැදුවේ කොහේ හරි යන දෙස්පාලුවෙක් කියයි. රාවණා රජුගේ දඬුමොනරය පාගා පාලුවෙක්ගේ පරම්පරාවේ එකක් කියයි. මහජන මුදල් වියදම් කර නිමවනලද සියලු ස්ථාන වලින් දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ.

:       0       0

එරික් Monday, 10 December 2018 02:58 PM

වෛද්‍ය වාර්තාව එනකම් ඉවසල ඉමු .

:       0       0

Hafeel Monday, 10 December 2018 04:03 PM

දැන් දියවන්නාවේ ඉන්න අර පනින සේනානායකගේ අවධානයට මේක යොමු කරමු.

:       0       29

lal peiris Monday, 10 December 2018 09:39 PM

සිංහල අපිට නොදැනීම රට ආක්‍රමණය කරන බව හොඳට පැහැදීලි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site