IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


ඉන්ධන මිල ඉහළට

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත‍්‍රීයේ සිට වැඩිවන බව මුදල් අමාත්‍යංශයේ ප‍්‍රකාශකයකු පැවසීය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 6 -කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය මිල රුපියල් 5 කින්ද සුපිරි ඞීසල් ලීටරය මිල රුපියල් 8 කින්ද ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 4 කින්ද වැඩි වන බව එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

රුපියල් 123 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 129 ක් වන අතර රුපියල් 147 ක මුදලකට අලෙවි කළ ඔක්ටේන් 95 වර්ගයේ ප්‍රෙට්ට‍්‍රල් ලීටරය නව මිල රුපියල් 152 ක් වේ.

රුපියල් 118 ක මුදලකට අලෙවි කළ සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 126 ක් වන අතර රුපියල් 99 ක මුදලකට අලෙවි කළ ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 103 ක් වේ.



අදහස් (14)

ඉන්ධන මිල ඉහළට

Kumar Monday, 11 February 2019 04:58 PM

ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙනකොට ලොකේ වැඩිම ඉන්ධන පාවිචි කරන රටේ මිල අඩුවෙනවා. පසුගිය වසරේ අගදී $3.50 පැට්‍රොල් මිල දැන් $2.77 දක්වා මේ සතියේ අඩුවෙලා.

:       30       125

Sapumal. Monday, 11 February 2019 05:02 PM

මේ මිල සුත්තරේ කරදරය ඔන්න ආයෙත් පටන්ගත්තා. මේ විදිහට තෙල් මිල ඉහල පහල යැවීම වෙනුවට මිල ස්ථාවර මට්ටමක තබා ගත හැකිනම් කොතරම් අගනේද ?

:       38       228

Rasika Monday, 11 February 2019 05:42 PM

මම ඉන්නේ පිට රටක මෙහෙ ඉන්ධන මිල පහල යනවා හොදටම අඩුයි. ලංකාවේ විතරක් වැඩිවෙනවා. මිල සුත්‍රයේනම් හොදටම අවුල්. මේක මහා ප්‍රෝඩාවක්. කිසිම විනිවිදභාවයක් නැහැ.

:       20       393

donna Monday, 11 February 2019 05:51 PM

ඕව අපිට දැනේනේ නැහැ. මේ දවස්වල අපි බලන්නේ මදුෂ්ගේ කතා විතරයි.

:       0       115

Amila Monday, 11 February 2019 06:23 PM

මාසෙන් මාසේ මිල ඉහළ පහල යනකොට බඩු මුට්ටු සහ සේවා මිල ගණන් අස්ථාවර වෙනවා. ඒට පස්සේ ඉතින් ආර්ථීකේ තව කඩන් වැටෙනවා. කොහොමත් මේ ආණ්ඩුවට තව වැඩි ආයුශ නෑ. සමහරවිට අය වැය පරදින්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් එක අතකින් හොදයි !

:       324       1134

rasika Monday, 11 February 2019 09:11 PM

මම නම් කියන්නේ අත්‍යවශ්‍ය බැඳ හා සේවා වල ස්ථීර මිලක් තියෙන්න ඕනේ.. මොකද ආයෝජනයක් ලංකාවට එනවා නම් ව්‍යාපෘති හදන්නේ අවුරුදු ගානක් ඉදිරියට හිතල. රටේ වියදම ස්ථාවරනම් එයාල කැමතියි. මොකද එයාල දන්නවා මාසෙන් මාසේ වැඩකරන සේවකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ නැහැ කියල. ජීවන වියදම පහළ අගයක තියෙනවනම් තමයි ලංකාවේ ව්‍යාපාර පටන් ගන්නේ.. එකතම මුලිකම සාධකය. දියුණු රටවල අහාර වල මිල බොහොම අඩුවෙන් තම ඉහළ යන්නේ. සමහර රටවල පාන් මිල අවුරුදු 10 කින් වෙනස් වෙලා නැහැ. එහෙම වෙන්නේ අත්‍යවශ්‍ය බැඳ නිපදවන යට ඒ රජයවල් වලින් නොයෙකුත් සහන දීල ඒවායේ මිල පාලනේ කරනවා.

:       0       13

Sunil Monday, 11 February 2019 10:23 PM

මංගලගේ සූත්තරේ රංග දැන් දැනේ.

:       0       0

Sanath Monday, 11 February 2019 11:04 PM

ඉන්දන මිල දවසින් දවස වෙනස්වෙන රටවල් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවේ. ප්‍රශ්න මේ ඉහල පහල යාම ඒ රටවල වගේ ස්වාධින නොවීමයි. දේශපාලන අවශ්‍යතාමත තමතමන්ගේ වියදම් පියවාගැනීමට පෞද්ගලික අවශ්‍යතාමත ඉහල පහල යාමයි . ලංකාවෙ දේශපාලන සාක්ෂරතාව ඉහලමට්ටමකට එනතුරු මේව මේවිදියටම පවතීවි.

:       0       1

Chandima Tuesday, 12 February 2019 12:06 AM

වෙන කොරන්ට දෙයක් නැහැ. අලුතින් එන්න හිතාගෙන ඉන්න මන්ත්‍රී වරුනට ඇමති තනතුරු ලබාදෙන්න අවශ්‍යයි. ඒ වගේම තීරු බදු රහිත වාහන දෙන්නත් වෙනවා.

:       0       57

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය . Tuesday, 12 February 2019 02:47 AM

මුලින් ඔය ආර්ථික විද්‍යාව නොදන්නා මුදල් ඇමතිව අයින් කල යුතුයි. මහජනයාට මොනවා වුනත් කමක් නැහැ කියා රජයට මුදල් නැති නිසා තෙල් සුත්‍රයක් හදා ගෙන. ගිය මාසයේ රුපියල් 2 ක් අඩු කර මේ මාසයේ රුපියල් 4 කින් වැඩි කරලා. අනිවාර්යෙන්ම ලබන මාසයේ. රුපියල 2 කින් අඩු කරනවා.එතකොටත් රුපියල් 2 කින් වැඩි වෙලා.

:       0       59

Bamunuarachchi Tuesday, 12 February 2019 07:25 AM

මෝස්‌තර කාරයෝ කොහොමද ආර්ථික තීන්දු ගන්නේ තෙල් මිල වැඩිඋනාම බඩුමිල වැඩිවෙනවා නමුත් තෙල්මිල අඩුඋනාට බඩුමිල අඩුවෙන්නේ නැත. වෙන පාඩුව ලාබ ලබන කාලයේදී පුරවා ගන්න හැකි වෙන අයුරින් මිලමට්ටමක් තියාගැනීම තමයි පාලනය කරන්නාගේ දක්ෂ කම. මේ මැට්ටෝ සංදර්ශන කොරන්න ගිහිල්ල අනාගෙන ඉන්නේ.

:       0       38

Soma dubayi Tuesday, 12 February 2019 09:11 AM

හොඳ තීරණයක්. ලෝක වෙළදපලේ විශාල ලෙස තෙල් ගණන් ගිහින්. ලීටරයක් රුපියල් 200 ක් විතර වෙනවා.

:       25       2

Manopriya Tuesday, 12 February 2019 10:30 AM

ලක්ෂ 62 කැමැත්තනේ මේක. තවත් මේක වැඩි වෙන්න ඕනේ ලක්ෂ 62 ට සතුටු හිතෙන්නේ එතකොටලු. ඔබට සතිටුයිද දැන්....................?

:       0       24

dhamneth Tuesday, 12 February 2019 10:40 AM

මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. ඉන්ධන මිල සුත්තරය මැතිවරණ දිනන සුත්ත්‍රයට වඩා බලවත්වුනොත් ආණ්ඩුව කපොති ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1007 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site