ගැබ්බර බිරිඳ මෙනි පීදුණු කලට කෙත
අවුරුදු කලට පෙර ගෙට ගත යුතුය බැත
ඉන්ධන නැති නිසා භූතය පැමිණ නැත
ඇති කල කිම තැවෙනු දෑකැති බලැ'ති අත?
(ආරියසේන හඳුවල)
ඉන්ධන නැතිව ගොයම් කැපීමට නොහැකිව සිටින ගොවියන් යළි දෑකැත්ත අතට ගෙන අයුරු පොල්පිතිගම කෝරුවාව කුඹුරු යායෙන් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ඉන්ධන හිඟය නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇති පිරිසක අතර ගොවියෝ ද පෙරමුණේ සිටිති.
භූතයා මැෂිමෙන් ගොයම් කපන්න පුරුදු වී සිටින ගොවියෝ ඉන්ධන නැතිව අන්ත අසරණව සිටිති.
වැස්සට පළමු අස්වැන්න ගෙට ගැනීමට මෙම තීරණය ගත් බව ඔවුහු පැවසුහ.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ධන නැති නිසා භූතය පැමිණ නැත
ගොවිරාළ Tuesday, 08 March 2022 01:40 PM
ඔහොම පුංචි කුඹුරක් නම් අතින් කපාගෙන අස්වැන්න ගෙට ගන්න පුළුවන්... ඒත් විශාල යායවල ගොයම් කැපීම කොහොම කරන්නද? 2023 සාගතයක් එන්න පුළුවන් කියමන සත්‍යය වේද?
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 04:46 PM
"සහතික ඇත්ත.. කිවිඳුගේ කෙත ගැන වැනුම... ඉන්ධන නැතිව භූතය එන්නේ කොහොම... කෙත බැත දෙකම දැන් මරණය අභියසම... කුසගින්නේ මැරෙන දින පැමිණෙනවා ළඟම... "