IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉන්දු චීන දේශසීමාවේ වෙඩි තැබීමක්

 

ඉන්දු-චීන දේශසීමාවේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ දේශසීමාවේ පිහිටි නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ යැයි ද වාර්තා වේ.


මාස තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ ඉන්දු-චීන හමුදා අතර මෙම ප්‍රදේශයේ ගැටුම් පවතී. 


දේශසීමාවේ ඉන්දු චීන හමුදා අතර නිරන්තරයෙන් ඇති වන ගැටුම් සමනය කිරීම සඳහා දෙරට අතර මාස තුනක් තිස්සේ සාකච්ඡා පැවැත්වෙන නමුත් තවමත් විසඳුමකට පැමිණීමට දෙපාර්ශවයම අසමත් වී තිබේ. 


ලඩාක් ප්‍රදේශයේ පන්ගොන් විලේ දකුණු ඉවුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රදේශයෙක් ලෙස සැලකේ. එම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීමට ඉන්දීය හමුදා සමත් වී තිබෙන අතර චීන හමුදා පසුගිය දිනෙක එම ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට උත්සාහ කළේ යැයි ද ඉන්දීය හමුදා එම උත්සහාය ව්‍යර්ථ කළේ යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. 


ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ ගැටුම් පවතින අතර චීන හමුදා අවස්ථා කිහිපයදීම ඉන්දීය පාලන ප්‍රදේශවලට කඩා වැදුණි. ගල්වාන් නිම්නය ආසන්නයේ දී මේ ආකාරයෙන් අවස්ථා කිහිපයදීම ගැටුම් ඇති වූ අතර එක් අවස්ථාවකදී එම ගැටුම් හේතුවෙන් ඉන්දීය හමුදාවේ 20 දෙනෙක් ජීවතක්ෂයට පත්වූහ.


පසුගිය කාලයේදී දෙරටේ හමුදාවල ලුතිනන් ජෙනරාල්වරුන්ගේ මට්ටමින් ද සාකච්ඡා පැවැත්වුණු අතර ඒ කිසිවකදී විසඳුමකට පැමිණීමට දෙපාර්ශවයම අසමත්ව ඇත.

 

‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දු චීන දේශසීමාවේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site