IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ඉන්දීය ධිවරයෙක් අතුරුදන්

(නිමන්ති රණසිංහ)

මුහුදු සීමා උල්ලංඝණය කරමින් ශ්‍රි ලංකා මුහුදට බලහත් කාරයෙන් පැමිණී ඉන්දීය ධීවර බෝට්ටුවක් නාවික හමුදා අධිවේග යාත්‍රාවක ගැටී පෙරළීයාමෙන් ඉන්දීය ධිවරයෙක් අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් මෙරට මුහුදු තීරයෙන් පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉකුත් 18 වැනිදා රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී මෙම අනතුර සිදුව ඇතැයි ද නාවික හමුදාව සදහන් කරයි.

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක සිටි ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පලවා හැරීම සදහා නාවික හමුදාව කටයුතු කරමින් සිටියදී, හමුදා යාත්‍රා මඟහැරීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස යාත්‍රාව ගැටීමට සැලැස්සූ එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් මෙසේ අනතුරට ලක්වූ බවද වාර්තා වේ.

මෙම අනතුරෙන් එම ධීවර යාත්‍රාවේ සිටි ඉන්දිය ධීවරයන් දෙදෙනෙක් ඒ මොහොතේම බේරාගත් බවත් එක් ධීවරයෙක් අතුරුදන් වූ බවත් නාවික හමුදාව පවසයි.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රා අතුරුදන් ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.

ධීවර යාත්‍රා ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති බවත් එය, අළුත්වැඩියා කටයුතු සඳහා කංකසන්තුරය වරායට  රැගෙනවිත් ඇති බවත් නාවික හමුදාව පවසයි.

මෙම අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ කටයුතු සිදුකෙරෙන බව නාවික හමුදාව පවසයි.



අදහස් (0)

ඉන්දීය ධිවරයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජපානෙට
2024 ජුලි මස 20 84 0

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගිය


අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 286 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1670 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 567 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 523 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1656 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site