IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ සංකීර්ණ ළමා ජාවාරමක්


ඉන්දියාවේ සෑම මිනිත්තු 8 කටම වරක් ළමයෙකු අතුරුදන් වන බව විදෙස් මාධ්‍ය වාර්තාවක් සඳහන් කරයි.

ළමයින් දෙමව්පියන්ගෙන් වෙන් කරන ජාතික මට්ටමේ කූට වෙළෙඳාමක කොටසක් ලෙස එය සිදුවන බව වාර්තා වේ.

බලහත්කාරයෙන් වැඩවල යෙදවීම, ගෘහස්ත වහල්භාවය හා ලිංගික වෘත්තීන්වල යෙදවීම මීට ගොදුරුවන ළමුන්ගේ අවසාන ඉරණම වෙයි.

කෙසේ වුවත් ජනමාධ්‍ය මගින් ඒවාට ලැබෙන අවධානය ඉතා අඩු බවත් ඉතා කලාතුරකින් ඒවාට සිරස්තල ලබාදෙන බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහි සඳහන් වන්නේ ඒවා අවසන් කිරීමට සිදුවන මහජන හෝ දේශපාලන බලපෑම ද ඉතා අවම මට්ටමක පවතින බවයි.

ඒ අනුව ඉන්දියාව තුළ ඉතා සංකීර්ණ ළමා ජවාරම් සිදුකිරීමේ ජාලයක් ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් දැක්වේ.

සෑම වසරකම එරට ළමුන් 70,000 ක් පමණ අතුරුදන් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් බොහෝ සිදුවීම් ලේඛනගතවී නොමැති වීම හේතුවෙන් සත්‍ය සිදුවීම් සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇත.



(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (1)

ඉන්දියාවේ සංකීර්ණ ළමා ජාවාරමක්

රවින් Sunday, 17 May 2020 08:45 AM

සීමාවක් නොමැතිව ළමයින් බිහිවෙනකොට තවත් කොටසක් ළමයින් බිහිවෙන එක උපරිමයෙන් වළක්වනකොට, ඒවායේ ප්‍රතිඵල ද එලෙසම වෙයි. අඩු ජනකොටස්වලට හා පුරුෂ ආධිපත්‍ය වැඩි ජන සමාජයක මෙවැනි නීතිවිරෝධී ක්‍රියා තව කොපමණ සිදුවෙනවා ඇතිද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site