එල්.ටී.ටී.ඊ සංවිධානය මත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දීර්ඝ කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඉන්දියාවේ ස්වෛරීත්වයට හානි කිරීම, ඉන්දියාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය ආරම්භ කිරීම සහ කඩා කප්පල්කාරී ක්‍රියා යනාදි කරුණු මුල් කරගනිමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2014 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය “නීති විරෝධී” සංවිධානයක් ලෙස නම් කළේය.
එලෙස පනවන ලද තහනම තවත් වසර පහකින් දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නව නිවේදනයක් නිකුත් කර තිබේ.
“එල්.ටී.ටී.ඊ. සංවිධානය දිගින් දිගටම ඉන්දීය විරෝධී මතවාද අනුගමනය කරමින් ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් වූයේ” යැයි නව නිවේදනය නිකුත් කරමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් “නීති විරෝධී” සංවිධානයක් බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවත් ඩයස්පෝරාව අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව තුළ ඉන්දීය විරෝධී ආකල්ප ඇති කිරීමට උත්සාහ කරන බවත්, ඔවුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පරාජයට ඉන්දීය රජය වගකිව යුතු බවට චෝදනා කරමින් සිටින බවත් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එම තත්ත්වය ඉන්දීය ජාතිකයන්ට විශේෂයෙන්ම ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉතාම වැදගත් පුද්ගලයන් සහ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් යැයි ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 වසරේදී ශ්‍රී ලංකාවේදී යුදමය වශයෙන් පරාජයට පත්වුවත් “ඊළාම්” සංකල්පය අත්හැර නොමැති බවත් ඒ වෙනුවෙන් මුදල් එකතු කරමින් ප්‍රචාරණාත්මක වැඩසටහන්වල නිරත වී සිටින බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඉතිරි වී සිටින එල්.ටී.ටී.ඊ. නායකයන් සහ කාඩරයන් එම සංවිධානය නැවත සංවිධානගත කිරීම සඳහා දේශීයව සහ අන්තර්ජාතික වශයෙන් කටයුතු කරමින් සිටින බවද එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර ඇත.
ද හින්දු ඇසුරිනි
055
2025 දෙසැම්බර් මස 04
308
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
395
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාව කොටි සංවිධානයට පනවා තිබූ තහනම පස් වසරකින් දිගු කරයි
Prabha Tuesday, 14 May 2019 11:31 AM
මෝදි මහත්තයා අපේ මංගල අයියව තරහ කරගන්න යන්නේ.....