(තිළිණි ද සිල්වා)
පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට ගෙන්වූ මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6 දෙනෙකු ඇතුළත් වන අතර මොවුහු යාපනය, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ව සිටි අය වෙති.
ඔවුන් පසුගිය යුද සමයේදී බෝට්ටු මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සරණාගතයන් ලෙස ඇතුළු වී ඇති මොවුහු පසුව තමිල්නාඩු සරණගාත කඳවුරුවල ජීවත් වූ අයවෙති.
නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොඳ දෙයක්, මේ අපේම මිනිස්සු, රටේ ජීවත් වන්න බැරිව අනාථයන් විදිහට වෙනත් රටක සිටීම අපට කරන නින්දාවක්, ඉතින් ඔවුන් නැවත ගෙන්වාගැනීම ඉතා හොඳ දෙයක්..
ඔහෙලව ගෙන්වා ගන්න ආදරේට නොවෙයි චන්ද ලබා ගැනීමටයි. ඔබලා ඉන්දියාවට යාම අපිටත් හොඳයි ඔබලාටත් හොඳයි. මිනිස්සු තමන්ගේ මිනිසුන් සමග තමනට උරුම රටේ ජීවත් විය යුතයි.