IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉදිකරමින් තිබූ බස් නැවතුම්පළක් කඩා වැටේ

(ඩබ්. ඒ. පියතිලක)
 
හිඟුරක්ගොඩ නගරයේ ඉදිකරමින් තිබූ බස් නැවැතුම්පළක් අද(14) දින පස්වරුවේ කඩාවැටීමෙන් මගී ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කර එය ජනතාවට තහනම් ප්‍රදේශයක් බවට පත්කළ බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
 
රුපියල් මිලියන 100ක මුදලක් වැයකරමින් ‘පිබිදෙමු  පොළොන්නරුව’ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව  විසින් මෙම  බස්නැවතුම්පොළ ඉදිකරමින් තිබිණි.
 
පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් ඉදිකර මෙහි පළමු මහලේ  ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018-08- 01 වන දින ජනතා අයිතියට පත් කරන ලදී. ඉහළ මහළයේ වැඩ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. 
 
එහි ඉදිකිරීම් සිදුකරමින් සිටියදී පහළ මහලයේ එක් කොටසක් කඩා වැටීමට පටන් ගෙන ඇත. ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමත් සමඟ වහාම ඉදිකිරීම් නවතා දමා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනතාව සහ බස්රථ එම ස්ථානයෙන් ඉවත් කිරීමට හිගුරක්ගොඩ පොලිසිය කටයුතු කළේය.
 
මෙම බස් නැවැතුම ඉදිකිරීම් ආරම්භ කළ දින සිට සියලු ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවත් ඒ පිළිබඳ  බලධාරීන් දැනුවත් කළද විසඳුමක් ලබා නොදුන් බවද ජනතාව පැවසූහ.

 



අදහස් (17)

ඉදිකරමින් තිබූ බස් නැවතුම්පළක් කඩා වැටේ

Raveendra Friday, 14 June 2019 11:32 AM

මේ ගිල දමන්නේ ඔබේ, මගේ, අපේ මුදල් නොවේද? මේවා අනුමත කලේ කව්ද? වෙනත් රටවල නම් මෙවන් සිදුවීමකදී මුලින්ම සිදුවන්නේ ඉතාම කෙටි කාලයකදී අදාළ ව්‍යාපෘති ප්‍රධානියාව ඇතුළට දමා ඉතිරි පරීක්ෂණ කටයුතු කිරීමය. එතෙක් අදාල නිලධාරියාට එළියට ඒමට නොහැක. එවන් තීරණ අප රටේ නොවෙන බැවින් ඕනෑම ජඩවැඩක් කර බේරීයාමට මෙම නිවටයන්ට හැකිවීම අවාසනාවකි.

:       666       807

රාජේශ් ඛන්නාFriday, 14 June 2019 10:56 PM

මෙය ව්‍යුහාත්මක ඉංජිනේරුවරයකු මගින්ම පරික්ෂා කර වරද නිවැරදි කිරීමට උපදෙස් ලබා සිදු වී ඇත්තේ කුමක් ද යන්න පළිබඳ මහජනයාට නිවැරදි කරුණු පැහැදිලි කළ යුතු වැදගත් සිදුවීමකි. සිවිල් ඉංජිනේරුමය හා හෝ ව්‍යුහාත්මක ඉංජිනේරුමය වගකීමකට යටත්ව සිදුවන මෙවැනි සිදු නොවිය යුතු අවස්ථාවන් සම්බන්ධයෙන් වගකිව යුත්තන් වහාම දැඩි තීරණ ගත යුතුමය. කොට්ටාව සිට මාතර පිවිසුම දක්වා අධිවේගී මාර්ගයේ ද පාලම් දෙකකම කොටස් කඩා වැටීමෙන් ජිවිත අනතුරු පවා සිදු වුවද ව්‍යාපෘති ප්‍රධානින් ඇතුළට ගියේද නැත. රට ඉගෙන ගත් පාඩමක් ද නැත.

:       0       13

saliya Friday, 14 June 2019 11:48 AM

පිබිදීම අහවරයි. කඩා වැටීම ඇරඹෙයි. අයියෝ පොළොන්නරුව.... අයියෝ සල්ලි...

:       0       261

Hafeel Friday, 14 June 2019 12:09 PM

දැන් අපේ ජනාධිපතිට කියන්න පුළුවන්.., මේ ඉදිකිරීම් කඩා වැටෙද්දී මම ලංකාවේ හිටියේ නැහැ කියලා...

:       159       473

raviFriday, 14 June 2019 12:59 PM

ඔව්නේ.. ජනාදිපතිනේ.. මෙතන බදාම ඇනුවේ ...!! අනේ නිකන් ඉකටවහගෙන ඉන්න... පිස්සු කෙලින්නේ නැතුව..!

:       311       109

ravi Friday, 14 June 2019 12:37 PM

ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ.. සිමෙන්ති ටිකයි .. ගල්ටිකයි.. වැලිටිකයි.. වෙනකොහාට හරි විකුණගෙන ..ඉතුරු 2,50න්, මොකක් හරි අට්ටාලයක් හදනවා... ඔව්ව ඔහොම තමයි.."" ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිකරන ලදී" හි...හි .

:       0       65

almeida Friday, 14 June 2019 12:49 PM

මොන මෝඩයෝද රවීන්ද්‍ර කියපු එකටත් අන්ලයික් දාලා තියෙන්නේ? මෙහෙම මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ...

:       326       278

විජිත් Friday, 14 June 2019 07:25 PM

අල්මේදා මල්ලි , මේ වර්ගයේ අය මෝඩයින් විතරක් නොවෙයි, මම අහලා තියෙන විදිහට මේ වගේ පුද්ගලයින්ගේ මානසික තත්වය හරි ව්‍යකුලයිලු. ඒ පුද්ගලයාට යමක් කරගන්න නොහැකිවුන බව ඔහුට තේරුම් ගියවිට, ඔහු අනෙකාට ඊර්ශ්‍යා කරනවා. එවිට මේ වගේ අන් ලයික් කිරීම, ඡායාරුප වල කුරුටු ගෑම වැනි බාල වැඩ ඔවුන් කරනවා. මෙය ඔහුටත් නොදනිම සිදුවන ප්‍රතික්‍රියාවක්. මෝහනය කිරීම මගින් මේ තත්වය නිවැරදි කරගත හැකියි.

:       164       47

Prabha Friday, 14 June 2019 01:35 PM

අපේම කියල ඉංජිනේරු සංස්ථාවක් තියෙද්දී රජයේ ඉදිකිරීම් පෞද්ගලික අංශයට දීමේ ප්‍රතිපල ඕවා

:       70       43

Soma dubayi Friday, 14 June 2019 01:48 PM

බැලූ බැල්මට හොඳ ප්‍රමිතියට ඉදි කර ඇති බව පේනවා

:       23       19

Raveendra Friday, 14 June 2019 01:48 PM

අල්මේදා මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඇත්තෙන්ම කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු නමැති උගත් වැදගත් මෝඩ න්‍යායෙන් සිටින තාක්කල් අපගේ මාතෘ භූමිය වලපල්ලට යනවා හැර ගොඩ ඒමක් නොමැත. තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් මෙවන් පිරිස් හැසිරෙන අතර ඔවුනට පළමුව රට දෙවනුව රට තුන්වනුව රට නොව සැමවිටම තමාය යන කුහක ගති පැවතුම් තිබීම කණගාටුවකි. වැරදි දෙයට යමරජුට උනත් විරුද්ධ විය යුතුය.

:       273       225

raju Saturday, 15 June 2019 12:46 PM

රවින්ද්‍ර, අායෙත් අර මෝඩයා අන් ලයික් දාලා වින්දනයක් ලබනවා. මම හිතන්නේ මිනිහා කසාද බැඳලා නැහැ... එහෙම නැතිනම් නෝනා වෙන කෙනෙක් එක්ක..

:       41       5

wma Friday, 14 June 2019 03:32 PM

"cantilever" ස්ලැබ් එකකට බිත්ති බර වැටුනම ඔහොම වෙනවා

:       3       53

janahitha Friday, 14 June 2019 03:59 PM

මේවා තමයි නියම කොමිස් ගැහිලි කියන්නේ. කිසියම් අකරතැබ්බයක් උනානම් කවුද වග කියන්නේ. අපරාදේ සම්පත් විනාස වෙනවා.

:       3       11

rohana kumara mendis Friday, 14 June 2019 05:59 PM

ඒකනේ මම කීවේ එකට වැඩ බලන ඇමතිවරු නම් දිවුරුම් දෙනවා පෝලිමට. ඕව බලන්න කවුරුත් නැහැ. ඉතින් හරි යයිද අපේ රටට

:       0       2

hr Saturday, 15 June 2019 12:51 AM

පළමු මහලේ cantilever beam එක වගේ පෙනෙනවා නිවැරදිව කම්බි ප්‍රමාණය යෙදුවත් නිවැරිදිව ස්ථානගත නොකිරීමෙන් මෙය සිදුවිය හැක

:       0       0

nimal Sunday, 16 June 2019 08:51 PM

"කැන්ටි ලීවර්" ස්ලැබ් එක හරියාකාරව ඩිසයින කර නොමැති වීම හෝ සුදුසුකම් ලත් ඉංජිනේරු කෙනෙකු ඉදිකිරීම් අධීක්ෂණය කර නොමැති වීම මෙයට හේතුව විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28381 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18192 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10886 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 673 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 856 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site