(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ අපේක්‍ෂාව හැකි ඉක්මණින් ඡන්දයකට යෑම බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට පෞද්ගලිකව තමාත් පොහොට්ටු පක්‍ෂයත් සූදානම් බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්විය නොහැකි බව ද ඔහු කීය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලු ගණනාවක් මතුව තිබෙන හෙයින් ඉක්මණින් පැවැත්විය හැකිවන්නේ පළාත් පාලන මැතිවරණය බව ද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
මේ මස 9 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරාධපුර නගරයේදී පළමු මැතිවරණය ප්‍රචාරක රැස්වීම පවත්වන බව ද ඔහු කීය.
පළාත් පහක මැතිවැණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීමට දැනටමත් සැළසුම් කර ඇතැයි ද රාජපක්‍ෂ මහතා කීය.
පොදුජන පෙරමුණේ කාන්තා සමිති ගම්මටම්න් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේ ආරම්භ කරන බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ඉක්මන් ඡන්දයක් ගැන පොදුජන පෙරමුණ කියයි
fairoos Thursday, 03 February 2022 01:11 PM
වහල්ලු ඉන්නකම් බය වෙන්න එපා
Bamunuarachchi Thursday, 03 February 2022 01:22 PM
ඔව් ඔව් 2030 පමණ ඉක්මන් චන්දයක් තියමු.