
(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී අද උදේ 6.00 සිට ආරම්භ කෙරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමද අද උදේ 6.00 ට ආරම්භ කෙරුණු ආරම්භ කෙරුණු අතර එම වැඩසටහන එහි පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාව එම කටයුතු මෙහෙයවයි.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එකම ස්ථානයක පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන මෙරට පළමු අවස්ථාව මෙයයි.
මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදීද ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද උදේ සිට ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.
මේ එන්නත් ලබාදීම අද සිට සතියක් පුරා සිදු කෙරේ.
ඒ හේතුවෙන් එන්නත කලබලයක් නොවී ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන ස්ථාන පහතින් දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන.
මොරටුව රෝහල,අතුරුගිරිය රෝහල,නවගමුව රෝහල,පිළියන්දල රෝහල,අවිස්සාවේල්ල රෝහල,හෝමාගම රෝහල,කොස්ගම (සාලාව) රෝහල,තලංගම රෝහල,පාදුක්ක රෝහල,අංගොඩ රෝහල,මුල්ලේරියාව රෝහල,කළුබෝවිල රෝහල.බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,විහාරමහාදේවී උද්‍යානය,දියත උයන,යුද හමුදා රෝහල නාරාහේන්පිට,වේරහැර හමුදා කඳවුර,පනාගොඩ බෝධිරාජාරාමය,කොළඹ මහනගර සභා සීමාව,බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය,සුගතදාස ක්‍රීඩාංගණය
ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන.
වතුපිටිවල රෝහල, බියගම රෝහල,දිවුලපිටිය රෝහල,දොම්පේ රෝහල සහ රදාවාන රෝහල,ගම්පහ රෝහල,ජාඇළ රෝහල,මීගමුව රෝහල,කිරිබත්ගොඩ රෝහල,උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල,මිනුවන්ගොඩ රෝහල,මීරිගම රෝහල,රාගම රෝහල,විජය කුමාරතුංග රෝහල,පමුණුගම රෝහල,අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මාරිස්ටලා විදුහල මීගමුව,කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත),ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)
කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන.
අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,පිඹුර ප්‍රාථමික පාසල,තලගල මංගලාරම විහාරස්ථානය,මහාමායා විද්‍යාලය,සණස කාර්යාලය බෝපිටිය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)





කිරිල්ලවල විද්‍යාලයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදුන් අයුරු (තිලකරත්න දිසානායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝමාගම නෙවෙයි..., මම දන්න විදිහට හෝමාගම, අතුරුගිරිය රෝහල්වල සහ හෝමාගම MOH කාර්යාලයේත් සිදුකරනවා..
කාන්තා පාර්ශවයට නම් මීටරේ දුර අදාලම නැහැ වගේ... 4 වෙනි ඡායාරූපය හොඳ උදාහරණයක්...
ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානම රෝහල වන උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් එන්නත් ලැබී නැති බව එහි ගිය පසු දැන ගැනීමට ලැබුණා.. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් එන්න එන්නම වැඩි වෙනවා. පෙබරවාරි මාසයේ පළමු එන්නත ගත්තේ.
එන්නත් දෙකම ගහපු සමහර අයට කොරෝනා හැදිලා මිය ගිහින් තියෙනවා.
තෙරුවන් සරණයි...!!!
මේක බොරු. අපි ගියා මිනුවන්ගොඩ MOH එකට. බෝඩ් එකක් දාලා තිබ්බා "කොවිශීල්ඩ් එන්නත් නැත" කියලා. එන්නත් ආවේ නෑ කිව්වා. මිනිස්සු ඇවිත් ඇවිත් යනවා. එන්නත් ලැබෙන දවසක් වත් කිව්වේ නෑ. මම ෆොටෝ එකකුත් ගහන් ආවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්හට දෙවන එන්නත ලබාදිය යුතුවන කාලසීමාව කුමක්ද ? ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනෙකා එන්නත කරණය WHO අනුව නිසි කල සීමාවන් තුළදී (සති 8 - 12 තුල) ලබා නුදුනහොත් එම එන්නත් ලබා ගන්න පුද්ගලයන් හට නිසි ප්‍රතිපල නොලැබෙන බව පැහැදිලි කර ඇත. දෙවනුව WHO උපදෙස් අනුව ක්‍රියා නොකරන්නේ නම් සහ කිසිදු කළමනාකරණයකින් තොරව ලංකාවට ලැබෙන්නාවූ ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනෙකා (පරිත්‍යාග වශයෙන් හෝ මුදල් ගෙවා ලබා ගන්නා) එන්නත ජනතාවට ලබාදෙන්නේ නම් අවසානයේ සිදුවන්නේ මුදල් නාස්තියක් සහ ලැබිය යුතු ප්‍රතිඵල ජනතාවට නොලැබීම වේ. මේ වනවිට තෙවන බූස්ට් එන්නතක් පිළිබඳවද රජය ප්‍රකාශ නිකුත් කරමින් සිටින්නේ එන්නත්කරණ වැඩසටහන ප්‍රමිතියකින් තොරව කරන්නා වූ නිසාද?
චන්න ජයසුමන who සහ ඇස්ට්‍රාසෙනෙකා ආයතනයේ ප්‍රකාශ සහ කොන්දේසී අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටියි. රටේ ජනතාව එන්නත ලබාගැනීමට පෝලිම් ගැසී සිටින්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබීම නිසාවෙනි. මෙතෙක් ලෝකයේ කිසිඳු ආයතනයක් හෝ රටක් දෙවන මාත්‍රාව මාස 6කින් ගැනීම සුදුසු බව නිර්දේශ කොට නැත. නමුත් චන්න ජයසුමන කියා සිටින්නේ දෙවන එන්නත මාස 6කින් ගැනීම සුදුසු බව වේ. රටේ ජනතාවට සත්‍ය වසන් කර ඇත..
මෙම චායාරුප වල වයස 30 ට අඩු අයත් ඉන්නවා. ඒ හින්ද 30 ට වැඩි අයට විතරක් නෙවි දෙනවනම් 30 ට අඩු අයත් කොහොමහරි රිංගල ගිහින් ගහ ගත්තට කාරියක් නැහැ නෙ?. මොකද 30ත අඩු අයට වෙනම එකක් දෙනවා කියල නියමයක් නැහැ නෙ?.
වැඩි දවසක් නෑ... ඉන්ජෙක්ෂන් පොකුර පටන් ගන්න..