(නිමන්ති රණසිංහ)
ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය.
සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙස නියෝග කළාය.
රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.


(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
හාමු විසින් පිටරටින් මුදල් ගේන දේශිය ව්‍යාපාරිකයෝ විනාශ කරා. බොරුවට නැති සිද්ධි මවලා. ඒකත් එක හේතුවක් රුපියල විශාල වශයෙන් බාල්දු වීමට.අනික ඉතින් බොන්ඩ් කේස් එක.
රන්ජන්, ඔබේ ලැයිස්තුවේ ඉන්නවද?
හැමදේටම දේශපාලනේ ගාවගෙන රට විනාශ කළ ආණ්ඩුවක්. රටේ ආරක්ෂාව වඩා ඡන්ද ගැන හිතනවා. බුර්කාව ආපහු පුළුවන්. ගුරුකන්දේ හාමුදුරුවන්ගේ දේහය අඳුරේ පොලිසියට හොරෙන් පන්සලට වැඩමවන්න වුන යුගයක්. මෙවන් අඳුරු යුගයක් මගේ රටට නැවත නොවේවා !
අනිත් නඩුවලටත් වෙන්නේ ඕකම තමයි . නීතිය දේශපාලනය සමග පටලවන්න එපා.
ඩයස් වික්‍රමසිංහ මැතිනියට ස්තුති වේවා !
ස්මාරක නඩුවත් මේ වගේමයි. මුළු මුදලම ගෙවල් තියෙද්දිත් නඩු දාලා. කෝටි ගානක ගනුදෙනුවක් කළ ඉතිරිකිරීමේ බැංකු හොරාට ආණ්ඩුව අලාභය අත්වැලක් වුවා කියලා දුන්නේ අත්හිටවූ දඬුවමක්.
සුභ අනාගතයක්!
ගෝඨා වෙනස් උන තරම්
මට පෙන්නේ මේ ඉන්නේ සජිත් වගේනේ, මට කන්නාඩි දාන්න වෙලාද?
හපොයි රටට ගිය කලක්
තව හොද හොද සෙල්ලම් එලිවෙයි ඉදිරියේදී.
දැන් නම් වැඩ ටික නියම විදියට වේගෙන එනවා වගේ. රන්ජන් කියපුවා බොරු නෙමෙයි කියල දැන් තමයි හිතෙන්නේ. මෙච්චර ලේසි වැඩක් නම්, මෙයාගේ නඩු අහන්න බෑ කියල නඩුකාරයෝ ඉල්ලා අස් උනේ ඇයි? අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ටම තමයි වගකීම එන්නේ.
සහරාන්ගේ කල්ලියේ සමහරු නිදහස් කලා කිවුවට, ගුරුකන්න්දේ හාමුදුරුවන්ගේ දේහය මිහිදන් කරන්න ඉඩ දෙන්නේ නැහැ කිවුවට, බුර්කාව අයින් කලා කිවුවට කිපෙන්නේ නැති අය මේ පුවත දැකල ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ පිස්සුවෙන් දගලනවා. ඕකට තමා කියන්නේ කුහකකම කියල.
අපහාස ග්‍රහයාගේ බලය, ශක්තිය,වේගය දැන් ටිකෙන් ටික දියාරු වෙන්න පටන් අරගෙන වාගේ
පේනවා නේද යහපාලනය කියලා unp, jvp,මෛත්‍රී කරපු බොරු කන්දරාව. මේ වගේ බොරු ලක්ෂගානක් කියලා මිනිස්සු රැවැට්ටුවා. මීට කලින් කෙහෙලිය, මහින්දානන්ද, ඩලස්, ජොන්ස්ටන් වගේ අයට දාලා තිබුන බොරු නඩුවලින් නිදොස් උනා. ඇත්තටම මේ බොරු නඩු දාලා ඇන්දුවේ අපේ රටේ මිනිස්සු නේද.
රජයේ ආයතනයකට ගිවිසුම් ප්‍රකාරව බාර දුන්න . චම්පික ආසන්නයේ ඇති වැව හාරපු වියදම මේකට එකතු කල නිසා වැඩිපුර ගාන ගෙවන්නේ නැතිව විරෝදයක් දැක්වුවත් පසුව ගෙවා තියෙනවා
ඔන්න අපේ රටේ නඩු අහන විදිය.. දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවොත් එයාව අල්ලලා හිරේදානවා... ලොකු හොරු නිදහස් වෙනවා. මේක යකාගේ නීතියක්නේ...
මම මේ පුවත අද, හෙට බලාපොරොත්තු වුණා. ඊයේ පෙරේදා අර දුරකථන සංවාදයෙන් පස්සේ මම නම් මේක බලාපොරොත්තුවෙන් හිටියේ.. අවසානේ මහජනතාව ගොනාට ඇන්දුවද? නැත්තන් ඔයගොල්ලෝ ඇඳගත්තද? අනේ මන්දා ඉතින්.. විනාශ කලේ විපරීත බුද්ධීන්...
දැනටමත් මේ අය ආණ්ඩු බලය කොල්ල කා අවසානයි. කවුරු කොහොම කිව්වත්, රටේ යහපාලන රජය බලයට ආවත්, මේ රට ආණ්ඩු කලේ මේ අයම තමයි. අපිට ඇස් දෙකට නොපෙනෙන කතාවලින් හා නඩුවලින් වැඩක් නැහැ. මල්වානේ පිහිටි ඉඩම සහ අයිතිකාරයෙක් නැති නිවාස? ජනතාවගේ මුදලින් ඉදිකළ ස්මාරකය... මේ රටට ගැලපෙන නායකයෙක් තමයි අවශ්‍ය වන්නේ... එ්කට සුදුසු ගෝඨාභයම තමයි. ඔව් අපි එක්වෙමු. අපි එ්කට සූදානම්...!!! අර හිරේ ඉන්න දුමින්දත් පව් නේද අනේ?
නීච දේශපාලන පළිගැනීම් වලින් විනාශ වූ ව්‍යාපාරයට සිදු වූ හානියට වග කිවයුත්තන් කවුද? ඔවුන් දඬුවම් ලැබිය යුතුමයි.
මංගල නිසා වැඩියෙන්ම අලාභ වුනේ එ.ජා.ප.යටමයි . රනිල්ට බෑ කියල කිව්වම එක උඩින්ම පිළිගත්තා . අදටත් ජනාධිපති අපේක්ෂකකම ඔහුට දෙන්නේ නැහැ
මේ ගැම්මටම ස්මාරක නඩුවත් ඉවරයක් කරල දාමු. ඒතකොට තව ඉතිරි වෙන්නේ නඩු 6 යි.
නියමයි.
නඩු වැඩි ජනාධිපති අපේක්ෂකයව ඒ නඩුවලින් නිදහස් කරගෙන අපි අපේ රටේ ජනාධිපති කරගමු. එතුමාගේ නමට මේ රට හා සියලු දේපොළ ලියා දෙමු. එවිට මේ සියලු ප්‍රශ්නවලින් අපිත්, එතුමත් නිදහස්.
මේ නඩුව පැවරුවේ අල්ලස් කොමිසම නම් එයට රටේ දේශපාලන පක්ෂවල අය ගාවාගෙන මේකේ කොමෙන්ට්ස් දමන අය පුවත කියවා තිබෙන්නේ පාට කණ්නාඩි තුලින් බව පැහැදිලි වෙනවා. මගේ සීයා අහනවා මේ නඩුව දමපු අල්ලස් කොමිසම තීන්දුව අහලා "රෙද්දේ අත පිහදාගෙන නිහඬව සිටීද, නැත්නම් තීන්දුවට එරෙහිව ඉහල උසාවියකට යාවිද" කියල. එයත් විශ්‍රාමගත් නඩුකාරයෙක් නිසා වෙන්න ඇති ඔය ප්‍රශ්නය ඔළුවට ආවේ.කොහොම උනත් නඩු තීන්දුව අහලා "අනාගත ජනාධිපතිවරයාගේ මුවේ තියෙන හිනාව නම් නියමයි කියල මගේ ආච්චි කියනවා !!!!!
අද උදේ ඉඳල යන යන තැන 'කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්' කියන ගීතය ඇහෙන්නේ මොකද දන්නේ නැහැ. දන්නා කෙනෙක් ඉන්නවානම් කියල දෙන්නකෝ ...
නිදහස් කරන්න හේතුවත් මේ එක්කම දැම්මනම් නේද වටින්නෙ? නැත්තන් වැරදි වැටහීමක් ඇතිවෙනවානේ.
එහෙම වෙන්න එපැයි... මොකද මහ බැංකුව හොරා කාපු අයත් අනාගතේදී ඒ චෝදනා වලින් නිදහස් වෙන්න ඕනෑනේ. දැන්ම ඉඳන් සූදානම් වෙනවනේ ඉතින්. හොරු කවද්ද හොරු ඇල්ලුවේ මල්ලි, ජනතාව කැමතිත් මේ අයට මල්ලි, මොකද ජනතාවගෙන් බාගෙකට වැඩි පිරිසත් හොරුනේ මල්ලි, වේගය වැඩියෙන් ඇවිල්ලා පොලිසියෙන් දඩ කොලේ ලියලා දෙන්න හැදුවම කීයක් හරි දීලා ශේප් වෙන්න තමයි වරද කරපු කෙනා දඟලන්නේ.., පොඩිම වැරැද්දේ ඉඳන් මහා ලොකු වංචාව දක්වා රටේ තත්වේ ඕකයි. ඉතින් එහෙම හිතන මිනිස්සු ඉන්න රටක දේශපාලකයින් සත් ගුණවත් වෙන්න විදියක් නැහැනේ...
මෙහමද රටේ ජනාධිපති අපේක්ෂකයා? දිනපතා වගේ අධිකරණයටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවටත් යනවා එනවා.
ඔක්කොම බොරු තමයි, ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ... මේවා අල්ලනවා කියලා යහපාලනකාරයින් බල තණ්හාවට ලක්ෂ 62ක් මිනිස්සු අන්දලා බලේට ආවා. අපරාදේ සුපිරියට දියුණු වේගෙන ආවා රට නැත්තටම නැති කළා.. මේ බලලෝභී සංහිඳියා කාරයන් ටික...
මං බලාපොරොත්තු වෙනවා... අධිකරණේ මහ පුටුවට යන්න. ඔන්න ඔහේලාට බලාගන්න ලැබෙයි මං යනවද නැද්ද කියලා. අර රන්ජන් කිව්ව එක්කෙනෙක් මං තමයි.
සුනාමි නඩුවෙන් ලොක්ක බේරුවා කියල සරත් සිල්වා ජනතාවගෙන් සමව ඉල්ලුවා .හිතන්න එපා වැරද්දක් කරලා තියෙනවා නම් තමුන්ට හෘද සාක්ෂියෙන් ගැලවිල්ල ක් ලැබෙන්නේ නැහැ .මෙයාට සිංගප්පුරුවේ මාස ගානක් හොස්පිටල් එකක හිටය .එකේ බිල කොටිගනනක් යන්න ඇති. කොහෙන්ද මෙයාට මෙච්චර සල්ලි කන්දරාවක් ලැබුනේ?මේ ඔක්කොම රටට වැඩක් ඇති අය නෙවි .අවුරුදු 70 වක ඇත්ත එකයි.
ස්මාරක නඩුවේ මුළු මුදලම ගෙව්වා කියන්නේ... කලින් මුදල් පරිහරණය කලා කියන එකනේ...
මම මේ පොදුවේ අපේ රටේ නීතිය ගැන කියන්නේ... අඹගෙඩි ටිකට, පොල්ගෙඩියට පොඩි මිනිසුන් හිරේ යවන නීතිය.. සල්ලිකාර මහඑවුන් ළඟ නැවෙන හැටි රටටම පේනවා.. මේකේ මොකුත්ම රහසක් නැද්ද? ඒ මදිවට ඒ චූදිතයෝ රටේ ඉහළ පුටුවලට අපේක්ෂකත්වයට පත්කරලා... මේක හරිම විහිළුවක්...
හුරේ... හුරේ... සාධාරණත්වය ජයගත්තා.. නිකන් තියන ආයුධ, නඩත්තු කරමින්, රටට අාදායමක් ගෙන එමින්, අසරණයින්ට සලකමින්, ආධාර උපකාර කරමින්, රැකියා අවස්ථා උදාකරමින්, ඔවුන් කළ වරද කුමක්ද? අද ඔවුන් ජයෙන් ජයගත්තා.. එය නැවත පටන් ගන්න. ගරු අධිකරණය තුළින්ම අවසර ගන්න. ආයේ කාටවත් හා.. හුම්.. ගාන්න බැහැ. කාවත් රවටන්නවත් බැහැ.
මෙතන අදහස් දාල තියෙන අය කියන විදියට මොනම විදියට හරි ගෝඨා හිර කරන්නයි ඕනේ. බැංකු හොරුන්ටයි රජයේ දේපල විනාශ කරපු අයටයි මිනී මරපු අයටයි එ්ක අදාළ නැහැ.
හොදම විසදුම නම් තැන තැන වල ඕපාදුප කතා කරන්න යන්නේ නැතුව ඉන්න. එතකොට ඔයාගේ හිතේ අමාරුව ටිකක් හරි අඩුවෙයි. ඔය තැන් තැන් වල ගිහිල්ලා මහබැංකු හොරු හිරේ යවන විදියත් කතා කරලා බලන්නකෝ.
ඒ කියන්නේ බිලියන 11.4 පාඩුවක් එහෙම වෙලා නැද්ද? ඇයි එහෙනම් එහෙම කියල නඩු දැම්මේ බබාලාද? අනේ මෙහෙමත් ජනතාවගේ මුදල් නැති කරන උගත් රජයේ සේවකයෝ.....
මේ බොරු නඩු සඳහා වියදම් කරපු මුදල් කාගෙන් හරි අයකර ගන්න ඕනි.
නියමයි..!
මැතිවරණය ජයග්‍රහණයට කලින්ම අධිකරණය ජයග්‍රහණය කරගෙන වගෙයි පෙනෙන්නේ? අනේ අපිට කොච්චර සතුටුයිද දැන්? මේ නරකාදියට යම පල්ලෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනුණු මොහොතක එතුමා නඩුවලින් නිදහස්වීමම විශාල සතුටක්... එක අතකට, මුනිවරයින් පමණක් ජීවත්වෙන මේ නරලොවට, මොකටද, අධිකරණයක්? අපරාදේ අධිකරණවලට වියදම් කරන සල්ලි...
මෙපමණ කල් මොන එහෙකටද? නඩු කල් දැම්මේ බොරුවට පුවත් මවන්නද? මහජනයාගේ නඩු විතරයි මේ ගොල්ලන්ට වැරදි විදියට පෙන්නේ.. නඩුකාරයා ගෝඨා දිනුවට පසු උසස්වීමක් බලාපොරොත්තුවෙන් ඇති. ගෝඨා දිනන්නේ නැහැ. මේවගේ නඩුඅහන අයව... අධිකරණයෙන් එළියට දමන්න ඕනෑ.. සේරම සෙල්ලම් දුප්පත් මිනිසාට... උදේට, රාත්‍රියට පන්සිල් අරගෙනද? මේ කට්ටිය වැඩ කරන්නේ, මේ අධිකරණ වහලා දමලා, ග්‍රාමසේවකට නඩු අහන්න දෙන්න... ඒක නම්බුයි, මේ තරම් නඩු ගොඩ ගැහෙන්නෙත් නැහැ. හැම ගමකටම ග්‍රාමසේවක මහතෙක් ඉන්නවා. අසරණ මිනිසුන්ගේ මුදලුත් ඉතුරුයි... අධිකරණයට යනවා කියන්නේ හොරාගේ අම්මා ඉන්නේ එතන, දුප්පතාගේ කුඩම්මා ඉන්නෙත් එතන....
හොරකම් කරන මුදලේ ප්‍රමාණය වැඩිවෙන තරමට තමයි ලංකාවේ වීරයෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ කවදා හරි රටේ ජනාධිපති වෙන්නත් පුළුවන්. අපි කොච්චර පින් කරලා තියනවද කියලා දැන් තමයි තේරෙන්නේ. අපෙන් රටට වැඩක් වෙන තියරිය පැත්තකට දාලා රටෙන් අපට වැඩක් කරගන්න තියරිය ක්‍රියාත්මක කරන්න කාලය හරි. ජයවේවා!!!
මාර නඩු තීන්දුවක්නේ? පුදුම වෙන්නත් දෙයක් නැහැ එක්කෝ. මේ ශ්‍රී ලංකාවො.....කොන්ද පණනැති, හොරුත් එක්ක ඩිල් කරපු, ජරාව කාපු නඩුකාරයෝ,නඩු කාරියෝ හෙම්බිරිස්සාවක්වත් නැතිව යහතින් වැජබෙන,තම වාසනාවන්ත දිවිය අවසානයේ කාලකන්නි වුන එහෙමත් නැතිනම් කාළකන්නි කරගත්ත අපේ ලස්සන රටට වුන දේ. ගරු මහත්මයාණෙනි,මහත්මියනි අප තවමත් පරක්කු නැහැ කියලයි මට හිතෙන්නේ.මීළඟ ජනාධිපති ඡන්දයේදී නාගානන්ද කොඩිතුවක්කුට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කිරීම රට වෙනුවෙන් කරන විශාල ආයෝජනයක්. ඔහු ජනාධිපති වුන වහාම ඔය ජරාව කාපු ලොකු නඩුකාරයෝ ඔක්කොම ගෙදර.නීතිය නියම ලෙස පසිදලන නඩු කාරයින් පත්වෙනවා.ඔය නඩු ආයෙමත් අහනවා.දියවන්නාවේ ඉන්න නරි 225ම ආපසු කැලෑවට යවනවා.අපි අලුත් දෙයක් කරමු.අපේ රට මේ නරකාදියෙන් ගොඩගන්න උරදෙමු.
ලංකාවේ නීතිය හරියට කාලගුණය වගෙයි . හිටපු ගමන් වෙනස් වෙනවා. ඔන්න දැන් වෙනස් වුනා .
ගෝඨා හරියට සදුන් ගසක් වගෙයි. කොටන්න කොටන්න සුවදම දසත හමනවා.
අඩු ගානේ විහිලුවට වගේ වත් නඩුව අහන්න වෙලාවක් නැහැ මේ ජනාධිපති මැතිවරණය නිසා. හදිස්සිය වැඩිකමට නඩුත් නාහම නිදොස් කොට නිදහස් කළා. හිනා යනවා මේවට.
බොරුවට නඩුවක් දැම්මම ඒක ඔප්පු උනේ නැත්නම් බොරුවට නඩු දාපු අයට අගතියට පත් පාර්ශවයට වන්දි ගෙවන්න සිදුවෙන්නේ නැද්ද? ඒක එහෙම නෙමේ නම් තරහකාරයෙක් බලලා අපිත් නඩුවක් දමන්න ඕනා විනෝදයට වගේ. අපිත් දේශපාලනේට සම්බන්ධනම් නඩුත් ඉතින් විහිළුවක් තමයි.
මිනීමැරුම් දඬුවම් අච්චු විඳිමින් ඉන්න දෙන්නෙක්. මේ දවස් වල පුදුම සතුටකින් ඉන්නවා ඇත්තේ...
ශ්‍රී ලංකාවේ මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. එ්කයි කියන්නේ ලෝකෙන් උතුම් හොරු රකින රට ලංකාවයි කියලා... අනේ අපේ රටේ අනාගතේ..!!!
ලෝකේ හොරු රකින.., එකල රට ශ්‍රී ලංකාවයි....