(ප්‍රින්ස් රත්නායක)
වර්ෂාව හේතුවෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 16 කණුව ආසන්නයේ මාර්ගය තවදුරටත් නායයමින් පවතී.
කුඹල්වෙල සිට ඇල්ල කරඳගොල්ල දක්වා ස්ථාන කිහිපයක නායයාම් හා ගිලාබැසීම් දක්නට ඇති අතර, විශාල පස් කඳු, ගල් සහ ජලයද තවමත් පැමිණෙමින් තිබෙනු දැකිය හැකිය.
එසේම රාවණා ඇල්ලට කිලෝමීටර් 3ක් පමණ ඇල්ල දෙසට වන්නට විශාල ගලක් පැමිණ මාර්ගය ආසන්නයේ රැඳී ඇත. කුඹල්වෙල මංසන්ධියේ සහ වැල්ලවායේ සිට බණ්ඩාරවෙල දක්වා මාර්ගය ආරම්භවන සථානයන්හි මාර්ගය භාවිතා කිරීම අවදානම් බව දැක්වෙන පුවරු සවිකර ඇත.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් වාහන ධාවනයට සුදුසු ලෙස මාර්ගය සකසමින් ඇති නමුත් මාර්ගයේ වාහන ධාවනය අවදානම් සහගත තත්වයක පවතින බව පොලිසිය කියයි.
එබැවින් ප්‍රවේශම් සහගතව රිය ධාවනය සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



2025 දෙසැම්බර් මස 04
431
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ නායයාම් තවදුරටත්