IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇල්පිටි ඡන්ද දායකයින්ගේ පෙත්සම 24 වැනිදා කැඳවයි


 
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 
ඔක්තෝබර් 11 වැනි දින ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප‍්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප‍්‍රදේශයේ ඡන්දදායකයින් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 24 වැනි දින කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ මුර්දු ප‍්‍රනාන්දු සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවිණි.

ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හේෂාන් නයනජිත් මලීෂ නයනජිත් සහ මෙලන් දේවින්ද්‍ර අබේවර්ධන යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගාල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සහ එම කොමිසමේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සාමාගම මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් ගාල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡුන්දදායකයෝ වෙති. ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා ලබා දී ඇති ඡන්ද අපේක්ෂකයෝ ද වෙති.

පසුගිය අගෝස්තු 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇත.

ගාල්ල දිස්ත‍්‍රික්ක තේරීම් භාර නිලධාරියා ලබන ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව 2139 / 13 දරණ ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත්කර ඇත. 

මේ අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඬේලිමිර්ර පුවත්පතට සඳහන් කර ඇත්තේ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම කර ඇත්තේ මැතිවරණ කොමිසම රැස්වී වී නොමැති යැයි කියා සිටියේය.
මේ ආකාරයට මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීම නීතියට පටහැනි වේ. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත වේ.
මැතිවරණ කොමිසම විසින් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නව නාමයෝජනා නොකැඳවීම මඟින්ද පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇත. තවද 2017 නාමයෝජනා පත‍්‍රය යටතේ මැතිවරණය පැවැත්වීම ද නීතියට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද 



අදහස් (0)

ඇල්පිටි ඡන්ද දායකයින්ගේ පෙත්සම 24 වැනිදා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site