(හර්ෂණ තුෂාර සිල්වා)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් එරට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
එම ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා. ප්‍රචණ්ඩත්වයෙන් වැළැකී, නීත්‍යනුකූලව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් පිළිබඳ ජීනිවා ප්‍රඥප්ති, ප්‍රතිසංස්කරණ, වගවීම, නීතිය සහ යුක්තිය සහ සංහිඳියාව (ප්‍රතිසන්ධානය) සුරක්ෂිත කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.
COMMENTS
අවධානය ලංකාවට යොමුකරන ගමන්ම එක්සත් ජනපද නාවික හමුදාවේ යු එස් එස් නිම්ට්ස් යුධ නැව මේ වනවිට අන්දමන් දුපත අසලින් ලංකාව දෙසට යාත්‍රා කරන බවත් කියනවා. යු එස් එස් නිම්ට්ස් සුපිරි ඝනයේ යුධ නැව එම නැව් පන්තියේ ඉහලම මට්ටමේ නෞකාවකි. එය ලෝකයේ විශාලතම යුද නැව් වලින් එකකි. නාවික භටයින් 32,000 ක් සහිත එම නැවෙහි ප්‍රහාරක ගුවන් යානා සහ හෙලිකොප්ටර් 90 ක් ඇතුලත් වෙයි. මේ ගමන ඔවුන්ට පාර වැරදිලා යන ගමනක් වෙන්නට නම් බැහැ.
ඇමරිකාවෙන් ඇවිත් හරි කමක් නැහැ ලංකාවේ මැති ඇමතිවරු හොරකම් කරන එක නවත්වන්න පුලුවන්නම් ලොකුම දෙයක්...