IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජුනි අග ලංකාවේ සංචාරයක

( තිළිණි ද සිල්වා )

ඇමෙරිකානු රාජ්‍ය  ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකා  රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ යැයිද පැවසේ.

ශ්‍රී ලංකාවට අමතරව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කාලය තුළ ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කිරීමටද නියමිත බව එම රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.‍

ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා  මෙරට  සංචාරය කරනු ඇත.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා  හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇත. එසේම ඉන්දු ‐ පැසිෆික් කලාපය සඳහා පොදු එකඟතාවයෙන් යුතුව ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද පැවසේ.

ඇමරිකාව පසුගිය වසර කිහිපය පුරාම ආසියා - පැසිෆික් කලාපීය රටවල් සමඟ සහයෝගීතාවයෙන් යුතු කටයුතු කරන අතර අවසන් වරට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු දිවයිනට පැමිණියේ 2015 වසරේදීය. ඒ එවකට සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී මහතාය.



අදහස් (4)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජුනි අග ලංකාවේ සංචාරයක

විජිත් Tuesday, 11 June 2019 11:06 AM

මෙයා එන්නේ තවත් ලියැවිල්ලක් අරගෙනයි. එය තමයි අපේ රටේ අනාගතය තීරණය කරන මාරක ලියවිල්ල. බටර් ගාලා, පානි ඔක්කොම දාලා, කිඹුල් කඳුළු හලලා, ගර්ජනා කරලා, චීනය දිහා බලලා ගොරවලා.. අන්තිමට අපේ රටේ ඉන්න දුර්වල, කොන්ද පණනැති, මෝඩ, අසික්කිත දේශපාලකයෙකුට කියාවි මේ ලියවිල්ලට අත්සන් කරන්න කියලා. මේ රටේ දේශපාලුවෝ ඔක්කොම දන්නවා මෙයා එන්නේ ඇයි කියලා... අමතක කරන්න එපා දේශපාලුවනේ, මේ ලියැවිල්ලට එහෙමත් නැතිනම් ආරක්ෂක සහයෝගිතා ලියැවිලිවලට තොපි අත්සන් කලොත්.. ඒ ඔබගේ මරණ වරෙන්තුවට අත්සන් කළා හා සමානයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික ජනතාව ඔය දියවන්නාවේ ඉන්න රටපාවාදෙන දුෂ්ටයින් 225ම අල්ලාගෙන ඇවිත් දසවදම දී අපායට යවනවා. එදාට පොලිසිය, හමුදාව ඔක්කොම ජනතාවගේ පැත්ත ගන්න බවත් අමතක කරන්න එපා...

:       1       196

AsankaTuesday, 11 June 2019 01:57 PM

සහතික ඇත්ත විජිත මහත්මයා අපි මේ ගැන නොදන්නා ජනතාව දැනුවත් කරමු. ඔබට එදිනෙදා මග තොටේදී හම්බෙන ජනතාවට කරුණාකරලා කියන්න. මේ මාරක ආරක්ෂක සහයෝගිතා ගිවිසුමේ භයානක කම... ඔබ කිව වගේ අපි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාර්ලිමේන්තු වටලා මොවුන්ව අල්ලලා හමගහන්න ඕනෑ. මේ වැඩේ කරන්න ගියොත්, කරුණාකරලා පොලිසිය, හමුදාව ඇතුළු ඔබ සැමගේ දරුවන් වෙනුවෙන් ජනතාවට එකතු වන්න. ඇමරිකාවට රට ලියාදෙන ගිවිසුම වළකමු...

:       1       100

Raveendra Tuesday, 11 June 2019 11:31 AM

මේ තිරිසනුන් එන්නේ තවත් ගිනිගෙඩියකට බව නම් 100% ක් ස්ථිරය. එමෙන්ම තම බලය රැකුමට තමන්ගේ ආදරණිය අම්මවත් පාවා දෙන රිලව් 225ටම මහඟු අවස්ථාවක් උදාවෙලා තියෙන හිතේ හැටියට රට පාවාදීලා " අසුචි ඔටුන්න " ඔලුවේ තියා ගැනීමට...

:       1       58

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ Tuesday, 11 June 2019 03:11 PM

නව ඇමෙරිකානු ව්‍යාප්තවාදය මැද පෙරදිගින් මධ්‍යම ආසියාවටත් එතැනින් දකුණු ආසියාවටත් ව්‍යාප්ත කරමින් 2025 දී ලංකාවේ ඇමෙරිකානු යුධ අංගනයක් පිහිටුවීම සදහා ඔවුන් කටයුතු කරනු ඇත. ඒ සදහා එකී ප්‍රදේශයන්හි දුර්වල රාජ්‍ය පාලකයින් මෙන්ම දැඩි මතධාරී රාජ්‍ය පාලකයින්ද ඔවුන් දඩයම්කරනු ඇත. ඒ ක්‍රම දෙකක් යටතේයි. දුර්වල පාලකයින්ගේ රටවල සුළු ජාතිකවාදී අන්තවාදීන් සන්නද්ධ ත්‍රස්තවාදී කටයුතු වලට පෙළඹවීම හා දැඩි මතධාරී පාලකයින්ගේ රටවල මානව හිමිකම් බිදවැටීම හුවාදක්වා ආර්ථික සම්බාධක පනවා එම රටවල් බෙල හීන කර ඇමෙරිකාවට ගැති, ණය උගුලකට හසුකර අවශ්‍ය පරිදි හැසිරවීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site