IMG-LOGO

ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළ ලැයිස්තුවේ ජනපතිගේ නම ඇතුළත් වෙයි

ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.

ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය අද (8) නිල වශයෙන් නිකුත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද එහි ඇතුළත් වී තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ආදායම් බදු පිළිබඳ ආයතනය කාර්තුවකට වරක් එම ලේඛණය නිකුත් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි.

055



අදහස් (64)

ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කළ ලැයිස්තුවේ ජනපතිගේ නම ඇතුළත් වෙයි

Wasantha Friday, 08 May 2020 04:03 PM

දැන් පේනවනේ අපගේ ජනබලවේගවල්... මිනිස්සු මුලා කරන්න කරපු දේවල් කියලා... තවමත් කරන්නේ ඒ වගේ දේවල් තමයි... දැන් ඡන්දෙ අල්ලගෙන දඟලනවා...

:       0       0

Wasantha Friday, 08 May 2020 04:03 PM

දැන් පේනවනේ අපේ ජනබලවේගවල් මිනිස්සු මුලා කරන්න කරපු දේවල් කියලා.. තවමත් කරන්නේ ඒ වගේ දේවල්... දැන් ඡන්දෙ අල්ලගෙන දඟලනවා.

:       0       0

vipula Friday, 08 May 2020 04:23 PM

ජෙප්පෝ කියාවි මේක ඇමරිකාවේ ට්‍රම්ප්ට කියලා බොරුවට දම්මලා කියලා. ජෙප්පෝ මේ පුරවැසිභාවයට මොනවද නොකිව්වේ? මහබැංකු අධිපති මහා බැංකුව මංකොල්ල කනකම් බලාගෙන හිටිය මලික් මොනවා හරි හිතයි කියලා වෙන්න ඇත්තේ...

:       0       0

dilan Friday, 08 May 2020 04:24 PM

කොලපාට ගැත්තන්ට ගෝඨා ඇමෙරිකන් කාරයෙක් වුණාට රටට හිතැති පුරවැසියන් පූර්ණ ශ්‍රී ලාංකිකයෙක්, ඒක නිසයි කවුරු හඬ තැලුවත් අපි ඔහුව ජනාධිපති පුටුවේ ඉන්දුවේ..

:       0       0

Thilina Friday, 08 May 2020 04:31 PM

අනේ අර එන්ජීඕ කාක්කෝ ටික දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ . මේකේ කොමෙන්ට් කොටන සමහර අයටත් දැන් ඉතින් ගොඩක් හිත රිදෙයි ඔන්න...

:       5181       4201

NishanSaturday, 09 May 2020 07:32 AM

ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඔයාලා චන්දේ දීලා තියෙන්නේ ඇමරිකානු පුරවැසියෙක්ට..

:       0       81

siri Friday, 08 May 2020 05:23 PM

චන්දෙට කලින්ද? චන්දෙට පස්සෙද?

:       1655       793

PrabhaSaturday, 09 May 2020 12:13 PM

මොන ලෝකෙද ජීවත් වෙන්නේ..? පුරවැසිකම ඉවත් කරන්න තියෙන්නේ... අප්‍රෙල් චන්දෙ තිබුණෙ නොවැම්බර්...

:       2       0

Champa Friday, 08 May 2020 05:37 PM

මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා ජනාධිපතිවරයා මේ රාජ්‍ය ලේඛනයේ දාතම සඳහන් 2020 මැයි 4 වෙනිදා දක්වා ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටපු බව හෙවත් නොවැම්බර් 16 වෙනිදා ලංකාවේ ජනාධිපති විදිහට ඔහුගේ පත්වීම නීත්‍යනුකුල නැති බව. ඇමරිකන් තානාපති කාර්යාලය කියන එක නීත්‍යනුකුල පිළිගැනීමක් නෙමෙයි. මේ තමයි පුරවැසි භාවය ඉවත් වුනු නීත්‍යනුකූල ලේඛනය. ඇමරිකාව මේ රාජ්‍ය ලේඛනය හැම කාර්තුවකම හෙවත් හැම මාස තුනකටම වරක්, අවුරුද්දකට 4 වතාවක් නිකුත් කරනවා. 2019 අවුරුද්දේ මේ ලියවිල්ල, 2019 නොවැම්බර් 12, 2019 අගෝස්තු 15, 2019 මැයි 13 සහ 2019 මාර්තු 13 විදිහට 4 වතාවක් නිකුත් කරලා තියෙනව. ඒ අරුනුහම මේ අවුරුද්දේ 2020 පෙබරවාරි 11 වෙනිදා පලවෙනි කාර්තුව සඳහාත් නිකුත් කරලා තියෙනවා. මේක දෙක. ඒ කියන්නේ ජනාධිපතිවරයා චන්ද අපේක්ෂක නීති උල්ලංඝනය කරලා ද්විත්ව පුරවැසියෙක් විදිහට තමයි චන්දෙ ඉල්ලලා තියෙන්නේ. බරපතල වංචාවක්. පැහැදිලිවම, පුරවැසිභාවය අහෝසි කරන්න ඉල්ලපු ඉල්ලුම්පත්‍රය බල ගන්නල තියෙන්නේ ජනාධිපති වුනාට පස්සේ. ඒ හින්ද ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය අත්සන් කරන කිසි දෙයක් නීත්‍යානුකූල නැහැ. වහාම වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් විය යුතුයි.

:       15008       17314

යශස්විFriday, 08 May 2020 06:43 PM

මේක වැරදි අදහසක්. IRS එකට තොරතුරු යන්න යම් කාලයක් යනවා. පුරවැසි භාවය අතහැරිය සැනින් ඒක IRS එකට යන්නේ නැහැ.

:       7263       5462

lankaFriday, 08 May 2020 08:27 PM

IRS තියෙන්නේ ඒ වැඩ කරන්න. ඇමරිකාවේ මේ වගේ වැඩ ප්‍රමාද වෙන්නේ නැහැ. මේවා ඇමරිකාවත් ඇහැගහන් ඉන්න රටක ජනපති වෙන්න තරඟ කරන කෙනෙක් හින්දා ඇමරිකාවත් වාසියක් ගන්න බලාගෙන ලැයිස්තුවට දාන්න ඉක්මන් වුනේ නැහැ. ඔවුන් තුරුම්පුවක් හැටියට එය ප්‍රමාද කළා. ජනපති අපේක්ෂකයාට පුළුවන් වුනේ අහෝසිකරන්න ඉල්ලපු පුරවපු කොළ පෙන්නන්න විතරයි. අපේක්ෂකයා සහ පක්ෂය කලේ තුරුම්පු නැතුව ක්‍රීඩාව කරලා ජයගත්ත එකයි. විපක්ෂයට තුරුම්පු තිබුනත් ක්‍රීඩාව කරන්න දන්නා අය හිටියේ නැහැ. දන්නා අයත් පැරදියන් කියලා බලන් හිටියා. දැන් ඇමරිකාව තමන්ට ඕන දේ කරගන්න මේ ඊයේ පෙරේදා කතාකරගෙන ක්ෂණිකව මෙහෙන් ඉල්ලපු දේ ලබා මෙහෙට ඕනෑ විදියට ලබා දුන්නා. නමුත් නොහිතපු කොරෝනාවක් හින්දා ඉදිරියේදී ඇමරිකාවටත් අපේ රටෙන් ඕනෑ දේ නොලැබෙන්න පුළුවන්. මේ ඔක්කොම ස්වභාව ධර්මයට යටයි. එ්කෙන් ගැලවෙන්න ඔය මොන ජගතාටවත් බැහැ.

:       0       0

vishakaFriday, 08 May 2020 09:41 PM

ඇමරිකාව මේ රාජ්‍ය ලේඛනය හැම කාර්තුවකම හෙවත් හැම මාස තුනකටම වරක්, අවුරුද්දකට 4 වතාවක් නිකුත් කරනවා. 2019 අවුරුද්දේ මේ ලියැවිල්ල, 2019 නොවැම්බර් 12, 2019 අගෝස්තු 15, 2019 මැයි 13 සහ 2019 මාර්තු 13 විදිහට 4 වතාවක් නිකුත් කරලා තියෙනවා. ඒ අැරුණාම මේ අවුරුද්දේ 2020 පෙබරවාරි 11 වෙනිදා පළවෙනි කාර්තුව සඳහාත් නිකුත් කරලා තියෙනවා. මේක දෙක... ඒ කියන්නේ ජනාධිපතිවරයා ඡන්ද අපේක්ෂක නීති උල්ලංඝනය කරලා ද්විත්ව පුරවැසියෙක් විදිහට තමයි චන්දෙ ඉල්ලලා තියෙන්නේ...

:       0       0

සමන්ත Saturday, 09 May 2020 01:31 AM

එ්ක වැරදි නෙමෙයි, නිවැරදි අදහසක්. අවශ්‍ය නම් අපි කරුණු සහිතව කතා කරමු... මේක බල පැවැත්වෙන්නේ 2020 පළමු කාර්තුවේ ගන්නා ලද තීරණ සම්බන්ධවයි. ඉල්ලුම් පත්‍රයක් බාර දුන්න පලියට පුරවැසි භාවය නැතිවෙන්නේ නෑ. ඒක නිසා තමයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිහඬව සිටියේත්, අභියාචනාධිකරණය විසින් විවෘත තීන්දුවක් දුන්නේත්. එහෙම නැතුව නඩු දැමූ කාරණයෙන් ඔහු නිදහස් කලේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරයා විසින් යුක්ති සහගතව ජනාධිපතිවරණයෙන් බලය ලබාගත් බව මෙයින් ඔප්පු වෙනවා. ඒ කියන්නේ ඒ අයදුම් පත්‍රය බාරදුන්නත්, තීන්දුව ලැබෙන තෙක් ඔහු ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස සලකනවා කියන එක... මේ සම්බන්ධව දැන් අපිට කළ හැකි දෙයක් නැතිවුණත් අනාගතයේ හෝ කළහැකි දේවල් තියෙන්න පුළුවන් කියන කාරණය මෙයින් සනාථ වෙනවා.

:       0       0

ChampaSaturday, 09 May 2020 07:48 AM

චන්දෙ ඉල්ලන්න සුදුසුකම් බලන කොට, අනාගතයේ නිකුත් කෙරෙතැයි අපේක්ෂිත ලේඛන පිළිගන්නේ නැහැ. කොහෙවත් නැහැනේ චන්දෙන් දිනලා ජනධිපති තනතුර ලැබුනට පස්සේ නිකුත් වෙන ලේඛන පිලිගන්නවා කියල. පුරවැසිභාවය ඉවත් කරන්න ඉල්ලුවට ඉවත් කල බවට ඔප්පු කරන්න පුළුවන් ලේඛනයක් චන්දෙට ඉදිරිපත් වෙන කොට තිබිල නැහැ කියන එක දැන් ඔප්පු වෙලා තියෙනව. වෙන රටවල පරිපාලන ක්‍රමවේද හෝ කල් ගතවීම් මෙතෙනට අදාළ නැහැ.

:       0       0

වීරවිජේFriday, 08 May 2020 06:49 PM

දැං එහෙනං සජිත්ව ගේමු... ගෙනල්ල වැඩට යමු.. නේද චම්පො...?

:       738       2944

ranathungaFriday, 08 May 2020 08:03 PM

චම්පා කීවත් නැතත් සජිත් ඉහලින්ම ආණ්ඩුවක් හදනවා. ගෝඨාට ඡන්දය දුන්නු රජයේ සේවකයින් ඔක්කොම සජිත්ට අනිවාර්යයෙන්ම ඡන්දය දෙනවා. ආණ්ඩුව මේ මාසේ රජයේ සේවකයින්ගේ පඩිය කපාගත්තොත් ඒ වැඩේ තවත් ඉක්මන් වෙනවා. සජිත්ගේ ආණ්ඩුව පැමිණි පළමු මාසෙම ඒ කපාගත් මුදල් නැවතත් රජයේ සේවකයින්ට දෙනවලු.

:       0       0

සමන් Saturday, 09 May 2020 01:24 AM

සජිත් ගෙනැල්ලා මොනවා කරන්නද මල්ලි? සජිත්ට වඩා ගොඩක් ගෝඨා හොඳයි. සජිත් පිනට දෙනවා හැර වෙන මොනවද කරලා තියෙන්නේ? සජිත්ගේ පියා JR යටතේ ඉන්න කොට වැඩකරලා ජනප්‍රිය වුණා. ජනාධිපතිකම ගත්තට පස්සේ කළ, කීදේ දන්නවනේ.

:       0       0

Rata PerataSaturday, 09 May 2020 07:01 AM

ගේන්නේ මොකාද කියන එක නෙමෙයි ප්‍රශ්නය.., ඉන්න කෙනා නීතිවිරෝධී කියන එක. හොඳ නායකයන් ඕනෑතරම් ඉන්නවා අපේ රටේ.., ඔය ඉන්න හොර රැල නැතුවට...

:       0       0

ChampaSaturday, 09 May 2020 07:39 AM

වීරවිජේ - දුර්වල උත්තරයක්. මේ ප්‍රවෘත්තිය ගැන මගේ ස්වාධීන මතය ඔබේ දේශපාලනය මතය එක්ක ගලපන්න එපා.

:       0       0

රජින්දFriday, 08 May 2020 09:10 PM

සල්ලි වලට ආත්මය පාවලා දුන්නත් මෝඩකම් ප්‍රදර්ශනය කරන්නෙපා චම්පා...

:       0       0

මුණසිංහSaturday, 09 May 2020 01:44 AM

චම්පා අඩුම ගානේ මේ ලිපියවත් හරියට කියවලා නැහැ. පේන්නේ නැත්ද 2019 අප්‍රේල්වල ඉවත් කළා කියලා තහවුරු කරලා තියෙන බව... මෙයාලා තමයි එන්ජීඕ කාරයිනුත් එක්ක එකතුවෙලා රටට බොරු වපුරවන්නේ. මෙයාල‍ගෙන් ප්‍රවේසම් වෙන්න. හැමදාම මෙයා කියන්නේ ඩොලර් පස්සේ යන එන්.ජී.ඕ කාරයන් කියන ඒවමයි.

:       0       0

HarinSaturday, 09 May 2020 02:04 AM

චම්පා, ලිපියේ අවසාන ඡේදය කියවන්න.. 'ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේදී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි.'

:       0       0

KoralageSaturday, 09 May 2020 02:09 AM

මේ නිකුත් වෙලා තියෙන ලේඛන දින වකවානු බැලුවම... ඉහත තර්ක කිරීම් අනුව දිනලා දිවුරුම් දීපු දිනයත් එක්ක ලොකු නීති ප්‍රශ්නයක් තියෙනවා. දැන් බැලුවම හිස් අතින් ගෙදර යන්න වෙයිද?

:       0       0

sugathSaturday, 09 May 2020 02:45 AM

බල්ලන් කෙතෙක් බිරුවත් තවලම ඉදිරියට යයි...!

:       0       0

vipulaSaturday, 09 May 2020 08:41 AM

සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් තේරුම් ගන්න අපහසුයි... පාට කන්නාඩිය ගලවන්නේ නැතුව. අනෙක සාමාන්‍ය ජනතාවට මෙය ප්‍රශ්නයක් නැහැ . ඒකනේ සජිත්ව පරාද කලේ .

:       2       1

indikaSaturday, 09 May 2020 02:43 PM

"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි."

:       47       3

Lakmal Saturday, 09 May 2020 03:20 PM

ඇමරිකානු තානාපති කාර්යාලය කියන එක නීත්‍යානුකූල නැතිලු. ඔව් අනේ ඔයා කියන එක තමා හරි...

:       43       99

vishakaSaturday, 09 May 2020 03:49 PM

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මට පැවසුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා අයදුම් පත ඉදිරිපත් කර ඇති බව...

:       2       138

chandanaSunday, 10 May 2020 06:32 PM

ඔබ උපත ලද විගස උපතට අදාල වෛද්‍යමය ලේඛණය ලැබේ. එය ඉදිරිපත් කර තවත් බොහෝ කලකින් උප්පැන්න සහතිකය ලැබේ. එවිට ඔබ ඉපදී ඇත්තේ සැබැවින්ම උපන් දිනයේදීද නැත්නම් සහතිකය නිකුත් කල දිනයේදීද. ඔබ මිය ගිය විට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා මිය යාම තහවුරු කර ලේඛණයක් නිකුත් කරයි. ඊට බොහෝ කලකට පසු මරණ සහතිකය නිකුත් කරයි. ඔබ සැබැවින්ම මිය ගියේ සහතිකය ලද දිනයේදීද නැත්නම් හුස්ම අවසන් වූ අවස්ථාවේදීද..? සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා ප්‍රතිපල ලේඛණයක් නිකුත් කරන අතර ඒ ගැන දන්නා අය එම ලේඛණය පිලිගනී. නොදන්නවුන් ඒ සඳහා පසු කාලීනව තමන් විසින්ම අයදුම් කර ලබා ගතයුතු සහතිකයම ඉල්ලා සිටී. සැබැවින්ම විභාගය සමත් වී ඇත්තේ කුමන අවස්ථාවේදීද? ඔබගේ අනන්‍යතාවය හඟවන ප්‍රධාන ලියවිල්ල ජාතික හැඳුනුම්පත්‍රයයි. ජාතික හැඳුනුම්පත නැති අයකු හට අනන්‍යතාවයක් නොමැත්තේද?. සැබැවින්ම පුද්ගල අනන්‍යතාවය සඳහා විකල්පයන් කිහිපයක්ම තිබේ.. යමක් විග්‍රහ කිරීම සඳහා පුද්ගලයකුට පුළුල් දැනුමක් මෙන්ම බුද්ධියක්ද තිබිය යුතුය. නොඑසේ නම් ඒවා හිස් වචනම පමණකි. බොහෝ දෙනෙකුට පැහැදිලි අනන්‍යතාවයක්, පැහැදිලි දර්ශණයක් ඇති නායකයින් පිළිබඳව පුදුමාකාර වෛරයන් ඇත.

:       0       72

chaminda Friday, 08 May 2020 05:58 PM

කෝ මේ උසාවි ගිය අය? දැන් ඉතින් ඕක බලල තම්බන් කාපියව්...

:       796       2018

කමල් Saturday, 09 May 2020 01:07 AM

ලියැවිල්ල අනුව ඇමරිකානු බදු ගෙවන පුරවැසි නාම ලේඛනයෙන් අදාල පුද්ගල නම් ඉවත් වෙන්නේ 2020 පලමු කාර්තුවේදී...

:       0       0

danielSaturday, 09 May 2020 01:32 AM

ඔක්කොම හොරු... තනිකරම බොරුවක් කරන්නේ... දෙවි පිහිටයි ශ්‍රී ලංකා...!!!

:       0       0

Ajantha Friday, 08 May 2020 06:04 PM

කෝ මෙ තේනුවර?

:       219       1705

සමන්ත Saturday, 09 May 2020 02:40 AM

ඇයි මොකටද? තේනුවර කියන්නේ හොඳ ඔලුවක් තියෙන මිනිහෙක් නිසා ඕක දැනගෙන තමයි නඩු දැම්මේ. ඉතින් කතාව ඇත්තනේ...

:       0       0

chandima Friday, 08 May 2020 06:10 PM

ඔන්න සජි පුතාලගේ, රතුමල්ලිලගේ, එක තුරුම්පුවක් හැලුන.

:       501       2017

vishakaFriday, 08 May 2020 07:00 PM

ඇමරිකාව මේ රාජ්‍ය ලේඛනය හැම කාර්තුවකම හෙවත් හැම මාස තුනකටම වරක්, අවුරුද්දකට 4 වතාවක් නිකුත් කරනවා. 2019 අවුරුද්දේ මේ ලියවිල්ල, 2019 නොවැම්බර් 12, 2019 අගෝස්තු 15, 2019 මැයි 13 සහ 2019 මාර්තු 13 විදිහට 4 වතාවක් නිකුත් කරලා තියෙනව. ඒ අරුනුහම මේ අවුරුද්දේ 2020 පෙබරවාරි 11 වෙනිදා පලවෙනි කාර්තුව සඳහාත් නිකුත් කරලා තියෙනවා. මේක දෙක. ඒ කියන්නේ ජනාධිපතිවරයා චන්ද අපේක්ෂක නීති උල්ලංඝනය කරලා ද්විත්ව පුරවැසියෙක් විදිහට තමයි චන්දෙ ඉල්ලලා තියෙන්නේ...

:       9675       11120

ThilinaFriday, 08 May 2020 08:33 PM

බොරුවක් වුණත් පොඩ්ඩක් ගලපලා කියලා තියෙනවා. හැබැයි නොදන්න බොරු නොකියා හිටියා නම් හොඳයි. ලංකාවේ හොඳ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනු මිලින්ද මොරගොඩ මහතා තමන්ගේ පුරවැසිභාවය අයින් කරගෙන් අවුරුද්දකට වඩා ගියා ඔය කියන ලේඛනයට නම ඇතුලත් වෙන්න...

:       0       0

indikaSaturday, 09 May 2020 02:44 PM

හොඳට කියවල බලන්න. "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි."

:       124       0

Ravi Friday, 08 May 2020 06:47 PM

චම්පට හරි අමාරුයි වගේ. වැඩ බලන ජනාධිපති කෙනෙක් පත්කරන්නේ ඕනේ නෑ. ඉන්න කෙනා හොදටම හොදයි. ආපහු සජිත්ලට මෙරට බාරදීලා කෙලවන්නයි හදන්නේ. අමාරුවට සජිත්ගෙන් බෙහෙත් අහගන්න. එයා දැන් වෙදකනුත් කරනවනේ.

:       3407       3289

අරවින්ද - මහනුවරFriday, 08 May 2020 10:01 PM

ගෝඨාභය ළඟදීම mcc ගිවිසුම නොහොත් රට ඇමෙරිකාවට පාවාදෙන ගිවිසුම අත්සන් කරන්නයි හදන්නේ. බලාගෙන ඉන්න. හැබැයි එහෙම වුනොත් මේ රට ලේ ගඟක් වෙනවා. මැදමුලන පාවාදෙන්නන්ගේ පවුල් පිටින් ජීවිතවලින් වන්දි ගෙවන්න වෙන්නේ. හමුදාවත් ජනතාවගේ පැත්ත ගන්නවා. මේ ආණ්ඩුව ඉල්ලලා ගන්න හදන ඡන්දයෙන් පරදින්නේ රජයේ සේවකයින්ගේ ඡන්දවලින්.

:       0       0

KIMFriday, 08 May 2020 11:50 PM

ලංකාවේ අපි තවම හිතන්නේ මෝඩයින් වගේ. සජිත්වගේ කෙනෙක්ට පුලුවන්ද රට හදන්න? මිනිහා දේශපාලනයට අාපු දවසේ ඉඳලා කරලා තියෙන්නේ මොනවද? රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනෑ එයා මොලේ තියෙන පොරක්ද කියලා. එයා වටේ ඉන්නේ කිසිම තේරුමක් නැති සෙට් එකක්. මේ වෙලාවේ රට වැටිලයි තියෙන්නේ. මේ වෙලාවේ මිනිස්සු පත් කරගන්න ඕන කාන්තා චරිතයක්. මේ කොරෝනාව පරාජය කරපු හැම රටකටම නායකත්වය දෙන්නේ කාන්තාවෝ...

:       0       0

කමල් Saturday, 09 May 2020 01:03 AM

ඒවා වැඩක් නෑ. අහපු එකට උත්තරේ දෙන්න. ඔයා විභාග ලිව්වෙත් එහෙමද?

:       0       0

ChampaSaturday, 09 May 2020 07:36 AM

මට පැහැදිලිව පෙනෙන දෙයක් ගැන මගේ ස්වාධීන මතය ලියන්න දේශපාලනය අවශ්‍ය නැහැ. කාගෙවත් කැමැත්ත හෝ අවසරය අවශ්‍යත් නැහැ.

:       13       0

chandanaSunday, 10 May 2020 06:09 PM

ස්වාධින මත දැරිය හැකිය. එහෙත් "පැහැදිලිව පෙනෙන දෙයක්" ලෙස යන්න "පැහැදිලව සිතෙන දෙයක්" ලෙස සංශෝධනය වූයේ නම් ඔබ නිවැරදිය. ජනාධිපතිවරණයට පෙරම ඇමරිකානු වගකිව යුතු අංශ ඒ සම්බන්ධයෙන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බැවින් වගකීමක් නැති ඔබගේ ප්‍රකාශ අන්ධයා අලියාගේ හැඩය කීවාක් මෙන් වන බැවිනි.

:       0       9

parsiSunday, 10 May 2020 06:18 PM

කපනවා කට..!!

:       1       0

chandanaSunday, 10 May 2020 08:02 PM

පැහැදිලිව පෙනෙන දෙයක් යන්න පැහැදිලිව හිතෙන දෙයක් ලෙස සංශෝධනය වූවා නම් නිවැරදිය. ප්‍රත්‍යක්ෂ නොවන දෙයක් පැහැදිලිව පෙනෙන ලෙස සඳහන් කිරීම බරපතල දෝෂයකි. යම් යම් දෝෂ නිසා තම තමන්ගේ පෙනීමද දෝෂ සහගත විය හැකිය. උදාහරණයක් ලෙස ඇතැම් අයට වර්ණ අන්ධතාවයන් පවතින බැවින් එකවර ඇතැමි වර්ණ හඳුනාගත නොහැක. එය ශාරීරික දුර්වලතාවයකි.. ඇතැමුන්ට ඇතැම් වර්ණ අධික ලෙස පෙනීම නිසා එම වර්ණ සම්බන්ධයෙන් නුරුස්නා ගති ජනිත කෙරේ. එය මානසික රෝගයකි. ඇතැමුන්ට ඇතැම් අකුරු හඳුනාගත නොහැකි වන අතර එය නූගත් බවේ ප්‍රතිඵලයකි. ඇතැමුන්ට සංකීර්ණ රූපයක් නිවැරදිව වටහා ගත නොහැකි වන අතර එය බුද්ධි හීන භාවයේ ප්‍රතිඵලයකි. එබැවින් නිවැරදි නොවන කිසිවක් ඔබට සිතුනු පමණින්ම එය නිවැරදි යැයි නොසිතන්න. සත්‍යයෙන්ම මෙම ප්‍රවෘත්තියේ ඇත්තේ බදු වගකීමෙන් නිදහස් වීම පිළිබඳ වාර්තාවකි. ඔබට එය පුරවැසිභාවය ලෙස පෙනී ඇත. එහෙත් එම ප්‍රවෘත්තියේ අවසාන ඡේදයේ ඇති පුරවැසි භාවය ඉවත් කරගැනීමේ දිනය පිළිබඳ තහවුරුව ඔබට පෙනී නැත. එනම් සත්‍ය නොපෙනී වැල්වටාරම පමණක් පෙනී ඇත. යමක් කියවා තවත් අයකුගෙන්ද අර්ථය විමසීමට පුරුදු වන්න.

:       0       52

Jayantha Friday, 08 May 2020 08:43 PM

අලුතින් නිකුත් කරපු ලේඛනයට අනුව එය 2020 පළමු කාර්තුවේ පුරවැසිභාවය ඉවත් කරගත්ත අයගේ නම ඇතුලත් ලේඛනය වේ.

:       0       0

නාමල් Friday, 08 May 2020 09:23 PM

ලැයිස්තුවක නම සඳහන් කළ දින සිට තමයි හරි නම් එහි වලංගුභාවය ඇත්තේ... ඒ සඳහා ඉල්ලුම් කළ දවසේ සිට නොවේ. හරි නම් නැවත මැතිවරණයක් තැබිය යුතුයි. නීතියක් නැති රටක මොකට කියනවද..? මෙහි අදහස් දමා ඇති වැඩි දෙනෙක්ට නීතියක් ගැනවත් අවබෝධයක් නැතිබවයි පෙනෙන්නේ...

:       0       0

Kumar Saturday, 09 May 2020 02:03 AM

ජනාධිපතිතුමාගේ පුරවැසිකම අතහැරියාට අාර්යාවගේ පුරවැසිකම තිබෙනවා. අාර්යාවට, දෙදෙනාගේම රජයෙන් දෙන විශ්‍රාම වැටුප ලැබෙනවා. එතුමා විශ්වවිද්‍යාලයේ රැකියාව කරන කාලේ උපයාගත් විශ්‍රාම වැටුප ලැබෙන අතර ඒ මුදලට අාදායම් බදු ගෙවන්නත් වෙනවා.

:       0       0

උපාලි රංජිත් Saturday, 09 May 2020 02:42 AM

මාගේ ස්වාධීන අදහස වනුයේ ශ්‍රී ලංකාවේ සියලු චක්‍රලේකන හා 19වන ආණඩුක්‍රම ව්‍යවස්ථාව සැම රාජ්‍ය උසස් බලධාරීන් එකඟ බවත්, ශ්‍රී ලංකා නීතියට ගරු කරමින් මේ තත්ත්වය අදල නොවූබවත්, රනිල් වික්‍රමසිංහ හා ප්‍රතිවාදීන්හට මෙය වැඩිදුර තර්කානුකූලව නොවූ බවත්, සියල්ල සිදුවී හමාරය... නැවත අර්තකථනය කළ නොහැකිය.

:       0       0

jayath Saturday, 09 May 2020 03:10 AM

මේකේ ලියන චම්පාලා වගේ අය ඇතුළුව සකල ලංකාවාසී එන්.ජී.ඕ. කාක්කන් නඩයට දැන් ඉතින් මෝඩ නීති තර්ක ගෙනත් වින්දනයක් අරගෙන හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? මොකෝ මේ ආත්මෙට මුන්නහේලාගේ උඩුබුරලෑමට බයේ ජනපති අස්වේවිද?

:       0       0

Asanga Saturday, 09 May 2020 03:13 AM

අනේ මෙහෙම මෝඩ සෙට්එකක්... දැන් මොකක්ද දන්නේ නැහැ කියන්න තියෙන්නේ...?

:       0       0

Dhammika perera Saturday, 09 May 2020 03:45 AM

ලංකාවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව, නීතිවිරෝධී ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ලේඛන ඉදිරිපත් කරලා සිදුකරලා තියෙන්නේ ප්‍රජා අයිතිය පවා අහෝසි කල හැකි වරදක්. අලි ශබ්‍රි වැනි ජනාධිපති නීතිඥවරු දැන දැන අධිකරණය, මැතිවරණ කොමිසම මුලා කළා. මීට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ විය යුතුයි.. යුක්තිගරුක සමාජයක් වෙනුවෙන්...

:       0       0

ධම්ම Saturday, 09 May 2020 04:30 AM

ගෝඨාභය පත්කරගත්තේ මේ රටේ ජනතාව. වෙනත් අය පත්කර ගන්නවාට වඩා ජනතාවට අවශ්‍ය නම් ට්‍රම්ප් පත්කරගත්තත් ඇති වැරැද්දක් මා නම් දකින්නේ නැහැ.

:       0       0

Sathutui Saturday, 09 May 2020 04:31 AM

දැන් හරි. රට දියුණු කරගන්න බැරිවෙලා තිබ්බ එකම හේතුව ඕක තමයි. දැන් ඉතින් පට් පට් ගාලා වැඩකරලා පෙන්වයි.. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවා නම් කියන්න තියෙන්නේ නොම්බර එකේ වහලෙක් කියලා තමයි.. ගෝඨාභයද, සජිත්ද, අනුරද නෙමෙයි ප්‍රශ්නේ.. ඔය කියන ඔක්කොම කරන්නේ තමන්ගේ වාසියට මිනිස්සු රවට්ටන එක විතරයි. ඒ රැවටිල්ලට උඩ ගෙඩි දෙන හෙන්චයියන්ට ඇරෙන්න මේ රටේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සුන්ට කිසිම සහනයක්, යහපතක් මේ කපටි තක්කඩි පිරිසගෙන් ලැබෙන්නේ නෑ. ගිය අප්‍රේල් වල 225ම එලවන්න ඕනෑ කියලා කෑගහපු අයම දැන් 225ට සැප දෙන්න පිල් බෙදිලා වාද කරනවා. මඩ ගහනවා.. කමෙන්ට් වල තියෙන්නෙත් එච්චරයි..

:       0       0

Mahesh Saturday, 09 May 2020 05:14 AM

මේකත් එක්ක ඉස්සරහට ආයෙත් නඩු යුගයක් ඒවී වගේ. මහින්ද මහත්තයාට වාසියක් වෙන්නත් බැරි නෑ.

:       0       0

Thushara Saturday, 09 May 2020 06:26 AM

නිහඬ සේවයක් කරන ඔබතුමාට ජය...

:       0       0

Priyantha Saturday, 09 May 2020 06:42 AM

මේකෙ ඉන්න වහල්ලු වුණත් මැදමුලනෙ නම් ඕන කෙනෙකුට කඩේයනවා...

:       0       0

gamekolla Saturday, 09 May 2020 07:59 AM

නිකන් මෙ අහන්නේ ...ඇයි ඉතින් ගෝඨා ඒක නැති කරගත්තේ.... ?

:       0       3

vishaka Saturday, 09 May 2020 03:49 PM

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මට පැවසුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා අයදුම් පත ඉදිරිපත් කර ඇති බව....

:       0       18

vishaka Saturday, 09 May 2020 03:50 PM

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මට පැවසුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා අයදුම් පත ඉදිරිපත් කර ඇති බව...

:       1       10

Champa Saturday, 09 May 2020 05:02 PM

බය වෙලා මගේ උත්තර දාල නැහැ.

:       12       18

සුනිත් බඹරවානගේ Sunday, 10 May 2020 07:36 AM

කව්ද ඇත්ත කියන්නේ? කව්ද බොරු කියන්නේ?

:       0       0

Bamunuarachchi Monday, 11 May 2020 02:30 AM

කෝ අර කෑ ගහපු ගොබ්බයෝ ටික?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 938 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1322 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site