නව ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය අද රාත්‍රී දිවුුරුම් දුන්නේය.
කැබිනට් ඇමැතිවරු 12 දෙනෙක් ද, රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් ද අද මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය

මහින්ද රාජපක්ෂ - මුදල් හා ආර්ථික කටයුතු

නිමල් සිරිපාල ද සිල්වා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා

සරත් අමුණුගම - විදේශ කටයුතු

මහින්ද අමරවීර - කෘෂිකර්ම

විජයදාස රාජපක්ෂ - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

රංජිත් සියඹලාපිටිය - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

මහින්ද සමරසිංහ - වරාය හා නාවික කටයුතු

විජිත් විජයමුණි සොයිසා - ධිවර, සාගර සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය අර්ථික කටයුතු

ෆයිසර් මුස්තාපා - පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා

ඩග්ලස් දේවානන්ද - පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම්, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු

ආරුංගම් තොන්ඩමන් - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන

වසන්ත සේනානායක - සංචාරක සහ වනජීවී

වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ - සංචාරක සහ වනජීවී නියෝජ්‍ය ඇමැති
COMMENTS
"අම්ම පල්ල කීයක් දුන්නත්, මොන තනතුර දුන්නත් ආයේ නම් එහාට මෙහාට පනින්නේ නැහැ "කියලද දන්නේ නැහැ දිවුරුවේ. දැන් දේවල් සිද්ධවේගන යන පිළිවෙලට සිකුරාදා වෙනකල්වත් ඇමතිකම තියෙයිද කියන්න අමාරුයි.
හිටපු ඇමතිවරුන්ට අස්කළ බවට ලිපි ලැබිලා නෑ කියලත් කියනවා. එතකොට දැන් ආණ්ඩු දෙකක් ක්‍රියාත්මකද?
ඉක්මනට මහා මැතිවරණයකට යං...
උදේ යන්නැ කිව්ව කෙනා හවස රාජ්‍ය ඇමති වෙලා.. මේ වගේ අයද රටට ඕනේ..
පසුගිය සිකුරාදා වෙනස් වුනේ අගමැති රනිල් පමණි. පැරණි ඇමතිවරු එළෙසම තම ඇමති ධුරය දරනු ඇත. මේවා කියවන අහන බලන අපිට වේලාවකට පිස්සුද කියලා හිතෙනවා. තමන්ගේ බලයට ඇති කෑදරකම වෙනුවෙන් රටේ ඇති සම්පත් විකුණමින් රට විනාශයට ඇද දමන සියලුම දෙනාට ස්වභාවධර්මයාගෙන් වත් පිළිතුරක් නොමැති දෝ යැයි මට සිතේ. මහින්ද යුද්ධය ඉවර කළා.. රනිල් රට ඉවර කළා.. මේවා බල බලා අපි සැමදා සුසුම් හෙලනවා. අපිට නම් පිස්සු වගේ රනිල් ආවත්, මහින්ද ආවත්, මෛත්‍රි ආවත් ඇමති මණ්ඩලයේ අපි සැමදා දකින්නේ එකම මුහුණු ටික පමණි. අප්පච්චි මලා කිව්වා. දැන් එතුමා මහ අප්පච්චිගේ ඇමති මණ්ඩලේ ඉන්නවා. එක්කෝ අප්පච්චිට ලැජ්ජා නැත. නැතිනම් අප්පච්චි මළ බව කියූ පුතාට ලැජ්ජාව උපතින්වත් උරුම වී නැති බව පෙනේ. කාට කියන්නද මේ වෙන විගඩම්? අපිට තියෙන්නේ මේවා බලබලා හූල්ලන්නටම නොවේද? අපි අද දින මහන්සි වී හම්බ කරගත්තෝතින් අද දවස බඩගින්නේ නැති කරගත හැකිය. අපි නිකම්ම බලා හිටියොත් කවුරුත් අපට කන්න දෙන්නේ නැත. මේවා නොසිතන මෝඩ මිනිසුන්... අනේ මන්දා තනිකරම හරක් ටිකකි...
මේ රටේ දේශපාලකයින්ගේ ලැජ්ජා නහර නැහැ. මෙවැනි දේශපාලකයින් සහ ඔවුන් පසුපස යන ජනතාවක් ඉන්න මේ රට අගාධයට යනවා මිස ගොඩ එන්නේ නැත.
ආයෙමත් අර අප්පච්චි මළෝ දේශපලන අනාතයෝ ටික මහින්ද මහත්තයට සෙට්වෙලා ඇමැතිකම් ගන්නවා. ආණ්ඩු නෙවෙයි මුළු රටම මාරු වුනත් එකම සෙට් එක තමා ඉතින් ගොඩ යන්නේ. ඔහොම ගිහින් රනිල් මහත්තයටත් ඇමැතිකමක් ලැබෙයිද දන්නෙත් නෑ.
ඔහොම යන්... ඔහොම යන්... චූන් පාන් තව ටිකයි
අද දවල් ඔබ සමග කියලා රනිල්ට පොරොන්දු වූ අය හවසට සිරිසේන ළඟ ඇමැතිකම් අරගෙන. ප්‍රවෘත්තිය කියවන්නත් ලැජ්ජයි වගේ.
අප්පච්චි මලාත් ඇවිල්ලා....
ඉතින් අර කලින් කැබිනට් එකෙ කට්ටියමයි එ් තනතුරු ටිකයි එහෙම්මනේ.. ආණ්ඩු මාරු කළාට එකම මුහුණු ටික තියෙන්නේ.. ලැජ්ජයි.
අපගෙන් සුබ පැතුම් !!!
ලංකාව හැමදාම එක තැන... දෙවියන්ගේම පිහිටයි ජනතාවට..
එන අයටනේ දෙන්නේ... අනිත් කවුරු වුනත් මන්ත්‍රී කෙනෙක්නේ.. පාර්ලිමේන්තුවේ ඉන්න, මේ පැත්තට යන අයට ඇමැතිකම් දෙන්නේ නැතිව කඩෙන් මිනිස්සු ගෙනත් දෙන්න බැහැනේ ඇමතිකම්... ඊළඟ ඡන්දෙදි හොඳ අය පාර්ලිමේන්තු යවන්න මිනිස්සු දැන ගන්න ඕනෑ. නැත්නම් බැන බැන ඉන්න වෙන්නේ මෙයාලටම තමයි.
පසුගිය සිකුරාදා වෙනස් වුනේ අගමැති රනිල් පමණි. පැරණි ඇමතිවරු එලෙසම තම ඇමති ධුරය දරනු ඇත. මේවා කියවන අහන බලන අපිට වේලාවකට පිස්සුද කියලා හිතෙනවා. තමන්ගේ බලයට ඇති කෑදරකම වෙනුවෙන් රටේ ඇති සම්පත් විකුණමින් රට විනාශයට ඇද දමන සියලුම දෙනාට ස්වභාවධර්මයාගෙන් වත් පිළිතුරක් නොමැති දෝ යැයි මට සිතේ. මේවා බල බලා අපි සැමදා සුසුම් හෙලනවා. අපිට නම් රනිල් ආවත්, මහින්ද ආවත්, මෛත්‍රි ආවත් ඇමති මණ්ඩලයේ අපි සැමදා දකින්නේ එකම මුහුණු ටික පමණි. කාට කියන්නද මේ වෙන විගඩම්? අපිට තියෙන්නේ මේවා බලබලා හූල්ලන්නටම නොවේද? අපි අද දින මහන්සි වී හම්බ කරගත්තෝතින් අද දවස බඩගින්නේ නැති කරගත හැකිය. අපි නිකම්ම බලා හිටියොත් කවුරුත් අපට කන්න දෙන්නේ නැත. මේවා නොසිතන මෝඩ මිනිසුන්...
රුචි පරිදි තනතුරු බෙදා ගනිති. තව ටික දවසකින් අලුත් අයට කෝටි ගණන් වැයකර වාහන ගෙන්වා ගනිති. නිල නිවාස සාදවා ගනිති. නමුත් කීයක් දෙනා හිසට සෙවණක් බඩට අහරක් නැතුව ලංකාවේ ඇතිද...
කව්රුත් වැඩිය කලබල වෙන්නෙපා. මේ ඇමතිකන් තව ටික කාලෙකට පමණයි. ලගදීම මහා මැතිවරණයක් එනවා. අන්න ඒ දවසට සුදුසුකම් තියෙන වැදගත් කිහිප දෙනෙක්නම් ඉන්නේ අන්න ඔවුන්ව පාර්ලිමේන්තු යවන්න. ඡන්ද දායකයින් පක්ෂ වලට බෙදී සිටීමේ වාසිය යන්නේ එක එක පුද්ගලයින්ට මිසක් රටට නොවේ. අපේ ඡන්ද දායකයින් දැනගන්න ඕන ඔවුන් පත් කරන ආණ්ඩුව 2/3ක් නැති ආණ්ඩුවක් උනොත් ඒ 2/3ක හදාගන්න ඇමතියින්ව බා ගන්න වෙනබව. එතකොට ඒ ගන්න ඇමතිගේ චරිතේ බලන්නේ නැහැ. ඒ නිසා මෙදාපාර පත්කරගන්න රටට අවම හානියක් ඇති කරයි කියා ඔබ හිතන අයව. එහෙම නැතුව පක්ෂ-පාට මතම යැපෙන්න එපා.
සුබ පැතුම් නව කැබිනෙට්ටුවට, මේක හොදම නිදසුනක් කාටත්, බැරිනම් නැවත උත්සහ කරන්න.
සුබ පැතුම්! විනෝද වන්න! කල් තබපු පාර්ලිමේන්තුව නැවත කැදවන තුරු..
අගමතිලා දෙකක් ඇමති මණ්ඩල දෙකක් ආණ්ඩු දෙකක් ඇති රට කුමක්ද?
හැබැයි මෙගමන ලොකු වෙනසක් තියෙනවා. ඇමති මණ්ඩලේ 30 කට සීමා කරලා.. මේකවත් කරන්න බැරි උනානේ කලින්. අනෙක රාජපක්ෂ පවුලේ කාටවත් ඇමතිකම් දීලා නැහැ. හොද දෙයක්. නමුත් ඊලග ඡන්දෙන් හොද අයව තෝරලා පාර්ලිමේන්තු යවන්න. එතකොට පුළුවන් හොද ඇමති මණ්ඩලයක් පත් කරන්න.
උදේ සහ දවල් අව්ව තියෙනකන් මේ සමහර චරිත වලට මොලේ පෑදෙනවා. කරුවල වැටුණ ගමන් මොලේ අවුල් යනවා. නැත්තම් ඉතින් උදේ කියපුවා කරුවල වැටෙන කොට වෙනස් වෙන්න පුලුවන්ද.
ඇත්තටම මේ රටේ ජනතාව තණකොළ කනවැයිද හිතාන ඉන්නෙ. මෙහෙමත් පිල් මාරු කිරිල්ලක් තමන්ගේ ආත්මය විකුණන්න ලජ්ජාවක් නැති හැටි. ඊළඟ මැතිවරණයේදී රෙද්දක් ඇඳගෙන මිනිස්සු ඉදිරියට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද මේ අයට හැබෑටම? ඇමරිකාවේ හිටපු ජනපතිවරයකු වන රොනල්ඩ් රේගන් මෙහෙම කියනවා: "දේශපාලනය යනු ලොව දෙවන පැරණිතම වෘත්තියය යි මා අසා තිබෙනවා. මේ වන විට මා තේරුම්ගෙන ඇති දෙයක් නම්, එයත් පැරණිතම වෘත්තීන් අතර පළමුවැන්නත් අතරත් බොහෝ සමානකම් ඇති බවයි"
යහපාලනයේ වුනු එක හොදක් නම් ඇමති මණ්ඩලය 30 වීමම කොතරම් හොඳක්ද
ප්‍රතිපත්තියක් නැති, කිසිම සදාචාරයක් හික්මීමක් නැති, කිසිදු වටිනාකමක් විශ්වාසයක් තියන්න බැරි කණ්ඩායමක් තමයි අප රටේ දේශපාලකයා.
මෛත්‍රී ට ලැජ්ජාවක් ඇත්තෙම නැත , මහින්දටද නැත , රනිල්ටද තිබෙන්න විදිහක් නැත , ලැජ්ජාව කියන වචනේවත් දන්නේ නැත
අපි සුද්දගෙන් අරගෙන දේවත්වයෙන් වගේ ඉහමුදුනින් තියාන ඉන්න ප්‍රජාතන්ත්‍රවදය කියන්නෙ මේකටද අනේ?
මෙහෙම අය ඉන්න රටක ජිවත් වීමට සිදුවීම ගැන තියෙන්නේ පුදුම දුකක්.
මොනතරම් හාස්‍යජනකද?