IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමැති තොණ්ඩමන්ගේ අභාවයට කැබිනට් රැස්වීමේ දී ශෝකය

අජන්ත කුමාර අගලකඩ

ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක, ප‍්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය පිළිබදව අද (27) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ශෝකය පළවී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ කැබිනට් රැුස්විම ආරම්භ වූ අවස්ථාවේදීම ඇමැතිවරුන් නැඟී සිටිමින් තොණ්ඩමන් මහතා වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කර ඇත.

අනතුරුව අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තොණ්ඩමන් මහතා මිය යාමට පැයකට පමණ පෙර තමා හමුවී සාකච්ඡාවක් ද පැවැත්වූ බව පවසා ඇත.

වතුකරයේ ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටි ඔහුගේ අභාවය බරපතළ පාඩුවක් බවද අගමැතිවරයා සදහන් කර ඇත.
 



අදහස් (5)

ඇමැති තොණ්ඩමන්ගේ අභාවයට කැබිනට් රැස්වීමේ දී ශෝකය

siva Thursday, 28 May 2020 02:35 AM

මේ අවමඟුලට නිරෝධායන නීති ආදාළ වෙන්නේ නැත්තේ කොහොමද?

:       1       21

Tharanga Thursday, 28 May 2020 02:41 AM

තොන්ඩමන් මහතා ඉද්දිත් වතුකරයෙ මිනිස්සු හිටියේ එහෙමයි. දැනුත් ඉන්නේ එහෙමයි. ඒ කියන්නේ උපරිම දුක් විඳ විඳ. මෙයාලා ඒ මිනිස්සුන්ගේ ඡන්දවලින් සැපවින්දා විතරයි...

:       4       11

rana Thursday, 28 May 2020 03:31 AM

කෝ අවමංගල්‍යයේ මීටරයේ දුරස්තය? අපිට බණ.

:       0       12

thushara Thursday, 28 May 2020 07:18 AM

මේ මරණය ප්‍රදර්ශනය කරනවා වගේ. ඒකෙන් බලන්නේ වතුකරේ ඡන්ද ටික හරවගන්න. ඉක්මනට අවසන් කටයුතු කරලා දෙමළ ජනතාව තරහා කරගන්න කැමති නෑ. පුලුවන් උපරිම ගෞරවය දෙන්නේ ඒකයි. පහුගිය දවස්වල අපේ ගම් පළාත්වල මළ ගෙයක් වුණාම පොලිසිය ගෙදරට ඇවිත් මිනිය ගන්න වෙලාවයි, දිනයයි, සහභාගී විය හැකි ගණනයි දැනුම් දීලා ගියා. හැම නීතියම පොඩි මිනිහට විතරයි...

:       0       0

Perera Thursday, 28 May 2020 08:01 AM

රටේ නීති රෙගුලාසි ක්‍රියාත්මක වන විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය වීමේ තව එක නිදසුනක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 176 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 379 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site