IMG-LOGO

ඇමැති කමිටුව මන්ත්‍රී වලියේ දර්ශන නරඹයි

(සුජිත් හේවාජුලිගේ )

මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත්දා (21 ) වැනිදා ඇති වූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රී කමිටුව එම සිදුවීම්වල සීසීටීවී කැමරා දර්ශන අද  (28) නිරීක්ෂණය කළේය.

මේ අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් කතානායකවරයාට ලබන සතියේදී භාරදීමට ද මන්ත්‍රී කමිටුව ඊයේ තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසී ය.

එවැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මන්ත්‍රී කමිටුව ලබන සතියේ දී නැවත රැස්වීමටද නියමිතය.

මෙම සාකච්ඡාවට එම මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන්වන කෙහෙළිය රඹුක්වැල්ල,අනුර ප්‍රියදර්ශන යාපා,ඉමිටියාස් බාකීර් මාකර්,ආචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගි වූහ.

මැති සබයේ දී සහ ඉන් පිටත පරිශ්‍රයේදී ඉකුත් (21)වෙනිදා ඇති වූ නොහික්මුණු සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගෙන් යුත් මෙම මන්ත්‍රී කමිටුව පත්කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.

 



අදහස් (1)

ඇමැති කමිටුව මන්ත්‍රී වලියේ දර්ශන නරඹයි

Rata Perata Thursday, 29 April 2021 06:14 AM

අර මහින්ද බලෙන් අගමැති වෙන්න ගිය දවසේ ඒවාත් පෙන්වන්න ඕවා කවුරුත් දැකලා නැනේ ඔය තමිටුවේ ඉන්නේ බබාලා නේ අනේ මෙහෙම විහිළු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 143 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site