( +++ සුජිත් හේවාජුලිගේ)
අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අගමැති ලේකම්වරයාට හා සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යවමින් නියෝග කර ඇත.
දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.
ජනාධිපති ලේකම්වරයා ඉකුත් 7 වැනිදා දාතමින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබ ඇත.
මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද ජනාධිපති ලේකම්වරයා අගමැති ලේකම්වරයාට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් අප අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ එවැනි උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් තමාටද ලැබී ඇති බවයි..
COMMENTS
සිදුවිය යුතු දෙය වෙමින් පවතියි. ජනාධිපතිතුමාට සහාය දීම අපි හැමෝගේම යුතුකමක්. නව පාර්ලිමේන්තුවට වැඩක් කරන්න පුළුවන් අලුත් පිරිසක් පත්කරලා යවන්න.
හරියටම හරි, වන්දිභට්ටයින්ට නියම පෝරියල් එක. අත අරින්න එපා ජනාධිපතිතුමනි, මේ අයව හිටෝලා පස් ගහලා ගන්න ඕන.
ඒක හොඳයි. ඉස්සරහින් යන කරත්තකරුවාට පුළුවන් ගොනාව කරත්තේ පෙරලෙන්න තප්පුලන්නේ නැතිව හරියට කරත්තේ දක්කාගෙන යන්න. නැතිනම් 225 යි හෙන්චයියලා ටිකයි කරත්තෙත් පෙරලලා තියන බඩුමුට්ටුත් විනාශ කරලා පාරත් කඩලා තමයි නවතින්නේ.
මොන තහංචි දැම්මත් වැඩසිද්ද වෙන්නේ නායකයින්ගේ වුවමනාවන්ට කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හතර වරිගයම ඉන්න අයට මොනතරම් තානාන්තරද දීලා තිබුනේ..?
මේ ගැන මෙන්න මෙහෙම විවරණයක් අන්තර්ජාලයේ තියෙනවා දැක්කා "මෙය බැලූ බැල්මට ඇමැතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලවලින් සිදුවන දූෂණ නතර කර ගැනීමට ජනාධිපතිට ඇති අවශ්‍යතාවයක් ලෙස ප්‍රදර්ශනය කරන නමුත් එය එසේ නැත. එවැනි අවශ්‍යතාවයක් ජනාධිපතිට තිබෙනවා නම් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ වරදට අධිකරණයෙන් බරපතල වැඩ ඇතිව වසර 3ක් හිරේ දමාදැනට ඇපමත සිටින ලලිත් වීරතුංග තම ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරගන්නේ නැත. මෙය පැහැදිලිවම අගමැති මහින්ද, කැබිනට් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ දත් ගැලවීමකි. අතපය විලංගු ලෑමකි. සියළු බලතල ජනාධිපතිවරයා අත්පත්කර ගැනීමකි. මන්දයත් චක්‍රලේඛය මගින් කියන අමාත්‍යාංශ ලේකම්ලා පත් කරන්නේ ඍජුවම ජනාධිපතිවරයා විසින් වන බැවින් එවිට ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ඇමැතිවරයාට අවශ්‍ය දේ නොව ජනාධිපතිට අවශ්‍ය දේ වන බැවිනි. සිතුවාට කලින් අනතුර පැමිණ ඇත. රටේ ජනයා එක්ව කිසිඳු දේශපාලන අත්දැකීමක් නැති විශ්‍රාමික හමුදා නිලධාරියෙක් විධායකයට පත් කරද්දී ව්‍යවස්ථාදායකයේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට මේ තරම් ඉක්මණින් අපට සිදුවේ යැයි කිසිදා නොසිතුවෙමු." උපුටා ගැනීම අවසන්...