IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇමැතිගෙන් ලිට්‍රෝ සමාගමට දෝස් මුරයක්

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම අත්තනෝමතිකව අඩු බර ගෘහස්ථ ගෑස් සිලින්ඩර අඛණ්ඩව වෙළෙඳපොලට නිකුත් කරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ලිට්‍රෝ සමාගම කිලෝ 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේම ගෑස් ලීටර් 18 ක් ලෙස සටහන් කර තව දුරටත් වෙළෙඳපොලට ඉදිරිපත් කරන බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ, කෝප් කමිටුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අවවාද මායිම් නොකරමින් වැරදි වැඩේ දිගටම කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

පාරිභෝගිකයන් නොමඟ යැවීමේ චෝදනාවට ලිට්‍රෝ ගෑස් සමාගම එරෙහිව නඩු පවරා ඇති බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ එම නඩුවේ ලබන ඔක්තෝබර් මාසයේ නැවත කැඳවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

 



අදහස් (6)

ඇමැතිගෙන් ලිට්‍රෝ සමාගමට දෝස් මුරයක්

Akila Sunday, 11 July 2021 06:19 PM

මේවා තමයි නියම විහිලු, ලිට්රෝ ගෑස් සමග අයිති රජයටමයි ඒ ගොල්ලෝ බර අඩු කරලා ඒ ගොල්ලොම නඩු දානවා.. නඩුව මාස ගණන් කල් යනවා.

:       0       76

Sampath Sunday, 11 July 2021 07:00 PM

නඩු තීන්දුව අවසන් වන තෙක් බර අඩු ගෑස් සිලින්ඩරය නිකුත් කිරීම අතඅත්හිටුවීමට බලය ඇත්තේ මහජනතාව අතේය. පාරිභෝගික අධිකාරිය හෝ මහේස්ත්‍රාත්තුමා අතේ නොව.. මේකයි අපේ නීතිය..

:       0       15

ලලිත් එම් Sunday, 11 July 2021 08:15 PM

ඇයි ඇමතියෝ ලිට්රෝ මුලුමනින්ම රජයේ සමාගමක් නොවෙයිද? මේ කාටද බොරු කතන්දර කියන්නේ..? මිනිස්සු නුඹලා හිතන තරම් මෝඩ නෑ.

:       0       17

ranjith Monday, 12 July 2021 04:24 AM

මේ වගේ උන්ට රට භාර දීම තරම් මෝඩ වැඩක්

:       0       0

de silva Monday, 12 July 2021 07:02 AM

ඔක්කෝම මහජන මුදල් විනාශ කරමින් නටන බොරු නාඩගම්

:       0       0

N Jaya Monday, 12 July 2021 08:13 AM

ලිට්රෝ විතරක් නෙමෙයි .ලාෆ් සිලින්ඩරත් එන්නේ ලීටර් වලින් .12.5 kg වෙනුවට =ලීටර් 18

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site