(ප්‍රසන්න පත්මසිරි)
ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්‍රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය.
පොලිස් නිලධාරීන් එම නිවසට ගිය අවස්ථාවේදී පොලිසිය දැක පිරිසක් පලාගිය බව පොලිසිය කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇදිරි නීතිය කඩ කළ 8 ක් පොලිස් දැලේ
Perera Friday, 20 March 2020 07:01 PM
ඇඳිරි නීතිය වෙලාවට ගෙවල් වලට වෙලා බොන්නයි සින්දු කියන්න තහනම් කියලා නීතියක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසා අහන්නේ.
Ratna P Saturday, 21 March 2020 12:28 AM
ඉතින් ඒ අය ගෙදරක ඉඳල සාදයක් දැම්මනම් ඇඳිරි නීතිය කැඩුවා වෙන්නේ කොහොමද.?
B Anthony Saturday, 21 March 2020 01:36 AM
ගෙවල් ඇතුලේ සින්දු කියන එකත් ඇදිරි නීතිය කඩ කිරීමක්ද? නැත්නම් මිනිසුන්ගෙ අයිතියක් කඩ කිරීමක්ද? අපි දැක්ක චීනයේ වුහාන් වල ලොක් ඩවුන් කරල තයෙද්දි එහෙ මිනිස්සු උඩ තට්ටු වල සින්දු කියමින් තම නිර්භීත බව පෙන්වනවා.
රවින් Saturday, 21 March 2020 04:38 AM
මිට වඩා පුළුල්ව මෙදෙස බලන්න. පිටපලාතකින් නිවාඩුවක් ලෙස පැමිණි අයනම් ? එක්කෝ නිවාඩුව අවසන් කර තම ගම් රටවල් බලා යායුතුය. එත් ඉතින් පිටරටකින් පැමිණි අයනම්? නැතිනම් ?
Ferna Saturday, 21 March 2020 09:52 AM
නොදන්නා කම. එකම ගෙදර අය පාර්ටි දාන්නෙ නැහැ . මේ අය නීතිය කඩලා. එර්දි බලෙන් ආවා වත්ද?