(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය.
පුත්තලම කල්අඩිය ග්‍රාම නිළධාරි වසමට අයත් නෙළුම් වැව ප්‍රදේශයේ පිහිටි වගා බිමකට ආසන්නයේදි පසුගිය වසරේ නොවැම්බර් 21 දිනට ආසන්න දිනකදි ඇතාට විදුලි සැර වද්දවා මරා දමා පසුව ජේසිබි යන්ත්‍රයක ආධාරයෙන් දැවැන්ත වළක් කපා වළ දමා තිබූ බව අධිකරණයේදී කියැවිණි.
මාස තුනකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ මෙම සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අලි රෝෂාන් නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන එම්.ඩි.රෝෂාන් අනුරුද්ධ දිසානායක නැමති අයට මුදලින් රුපියල් ලක්ෂ පහක් නියම කළේය.
ප්‍රධාන සැකකරුට නියම කල දඩ මුදල 8 දින අධිකරණයට බැදිමට නියෝග කළ මහෙස්ත්‍රාත් වරයා එසේ නොගෙවන්නේ නම් මාස හයක බරපත වැඩ සහිතව සිර දඩුවම් නියම කිරීමටද නියෝග කළේය.
ඒ සමගම තුන්වන,හතරවන, හා පස්වන සැකකරුවන් වන පිළිවෙලින් ඩි.එම්.සිනෙත් නිශාන්ත,එම්.ඩි.ජනක රුවන් දිසානායක,හා කේ.ජයවිර පෙරේරා යන වරදකරුවන්ට එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් හත් ලක්ෂ පනස් දහසක දඩ මුදලක් නියම කර තිබුනී.
එම දඩ මුදල ජූලි 26 දිනට පෙර ගෙවිමට අතිරේක මහෙස්ත්‍රාත් වරයා අවසර දුන්නේය.
මෙම නඩුවේ දෙවන සැකකාරිය වන වඩිවෙල් වල්ලි අම්මා නැමති සැකකාරියට තමන් අධිකරණයේදි නිවැරදීකාරිය බව පැවසිම නිසා එම නඩුව විභාග කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් වරයා අවසර ලබා දී තිබුනී.
මෙලෙස ඝාතනය කර තිබුණේ වයස අවුරුදු 35 කට ආසන්න අඩි 8 ක් උසැති අතේකු බව වනජීවි නිළධාරින් පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක්
chinthana Wednesday, 09 March 2022 09:47 AM
අලියෙක් මිනිහෙක් මැරුවම දෙන වන්දිය අවමංගල කටයුතු කරන්නත් මදි .අලියෙකු මැරුවහම ලොකු දඩයක් ගහනවා.මිනිස්සුන්ට වඩා අලි වටිනවා .අලි වගා බිම් වලට ඇවිත් විනාශ කරද්දී හෝ තමන්ව මරද්දී මිනිස්සු බලාගෙන ඉන්න ඕනේ
kamalWednesday, 09 March 2022 01:58 PM
ඔය කියන වගාබිම් අලින්ගේ ඉඩම්. ඒවා බලෙන් අල්ලා ගත්තාට අලින්ට ඒවා මතකයි.
nalin Wednesday, 09 March 2022 02:18 PM
ඔය අලි රොශාන් කියන එකාට නම් නීති හදල හරි දඩුවම් කරන්න ඕනෙ. මොකද ඕකා ඔය අලි සම්බන්දව කරන විනාශය සුලුපටු නෑ. ඔය ලක්ශ 5 ගෙවන එක ඕකට ගේමක් නෑ. ඒක හින්ද මූට ලොකු දඩුවමක් දෙන්න ඕනෙ. යකෝ අලියෙක් හිතාමතා මැරුවනම් ලොකු දඩුවමක් දෙන්න ඕනෙ.
fairoosWednesday, 09 March 2022 02:30 PM
සහතික ඇත්ත... ලක්ෂ 5ක් ගෙවලා මිනිහා ආපහු වැඩ පටන් ගනී....