IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ආසාදිතයන් වැඩිවීමේ ඉහළට:සෞඛ්‍ය නීති රකින්න

(සුජිත් හේවාජුලිගේ )

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඇතැම් ජනතාවගේ හැසිරීම කනගාටුදායක බවත් මේ හැසිරීම් රටාව තුළ කොවිඩ්  ආසාදිතයන් යළි වැඩිවීමේ  අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

පිට පළාත්වලින් කොවිඩ්  ආසාදිතයන් යම් මට්ටමකින් හමු වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් පනස් දෙනකු පමණ හමුවී ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවද පැවසුවේය.

කොවිඩ්  රෝගීන්  10ත් 25ත්  අතර සංඛ්‍යාවක් දිනපතා  මියයන බවත් ආසාදිතයන් පන්සියත්  හයසියයත් අතර සංඛ්‍යාවක් දිනපතා සොයා ගැනෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

නිවෙසින් පිටව යන සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළඳීමට  කටයුතු කරන්නැයි තමා ශ්‍රී ලාංකික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ‍ය. 



අදහස් (2)

ආසාදිතයන් වැඩිවීමේ ඉහළට:සෞඛ්‍ය නීති රකින්න

fairoos Thursday, 04 November 2021 05:52 PM

ඔබතුමාගේ ගෑස් ඉවරයි... දැන් කවුරුවත් ඔයාගේ අදහස් පිළිපදින්නේ නැහැ...

:       5       4

Saman Friday, 05 November 2021 06:11 AM

මේ අදහස් එතුමා ගනන් ගනී කියල හිතන්න අමාරුයි

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site