IMG-LOGO

ආරක්ෂිත ක්‍රම අනුව එජාප වැඩ අරඹන්න යයි

(නිමල කොඩිතුවක්කු)           

                                        
සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු  ආරම්භ කිරීමට තීරණය කෙරේ.               

                                
කොවීඞ්  19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු රැසක් කල් දැමීමට තීරණය කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ  ජ්‍යෙෂ්ඨයින් සමග සූම් සහ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට පියවර ගනු ලැබීය.                                             


ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෑම දිනකම පාහේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් සමග අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය.



අදහස් (5)

ආරක්ෂිත ක්‍රම අනුව එජාප වැඩ අරඹන්න යයි

Buddika Thursday, 19 November 2020 10:59 AM

මොනවා කලත් ගොඩගන්න බැහැ. සියලුම ජනප්‍රිය චරිත එලියට ගිහින් ඉවරයි.

:       0       0

Chandima Thursday, 19 November 2020 11:21 AM

නායක තුමාට නම් ආරක්ශිත ක්‍රම ඕනැ නැහැ. අනිත් අයට තමයි ඉතින් ඕනෑ වූනොත්?

:       0       0

NM Thursday, 19 November 2020 02:39 PM

නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ රජයක් ගොඩනගමු.

:       0       0

vinivida Friday, 20 November 2020 12:10 AM

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පක්ෂයට සුදුසුම පසුබිම සැකසී ඇත. කුඩා පක්ෂ නියෝජනය කරන්නාවූ පුද්ගලයන් ඔවුන්ගේ පක්ෂවලින් තරග කර පාර්ලිමේන්තු පැමිණීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්දව තරග කොට එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂය තුල අර්බුද ඇතිවීම වැලක් විය යුතුවේ. ඉදිරි වසර දෙක ඇතුලත එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවීමට නිසැකවම අවකාශ ලැබෙනු ඇත එම රජය සෑම සුළු ජනකොටසක්ම එක්සත් ජාතික පක්ෂය තුලින් නියෝජනය වනආකාරයට පක්ෂය සංවිදානය කලයුතුවේ. රට තුල පවතින ජාතිබේද දුරුකිරිමටනම් ප්‍රධාන පක්ෂ තුල සුලුජාතින් නියෝජනය කල යුතුම වේ. එසේ නොවුනහොත් ජාතිවාදය තව දුරටත් ඉදිරියට ඇදෙනු ඇත. බුද්දිමත් තරුණ සුළුජාතික කණඩායම් සමග පක්ෂය සංවාදයක් ඇතිකොට ඔවුන් විසින් කලයුතුවන්නේ කුමක්ද කියා ඔවුන්ට අවබෝද කරදිය යුතුව ඇත.

:       0       0

vinivida Saturday, 21 November 2020 01:24 AM

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවහොත් එසේ ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් රට පුරා පාක්ෂිකයන් එතුමාගෙන් මේ අවස්ථාවේ නායකත්වයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලා ප්‍රබල ජනතා ව්‍යාපාරයක් දියත් කොට සිරිකොත මන්දිරයට විශාල පාක්ෂිකයන් පැමිණීමක් කළයුතුවේ. පක්ෂයේ නියෝජ්‍ය නායකයාට වැඩි බලයක් ලබාදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම තනතුරේ සිට කටයුතු කිරීම මේ අවස්ථාවේ සිදුවිය යුතු දෙයකි. පූජ්‍ය ස්වාමීන් වහන්සේලා, වෙනත් පූජ්‍ය පක්ෂ නායකයන් ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයන් ඔහුගේ නායකත්වය මේ අවස්ථාවේ රටට අවශ්‍ය බව ප්‍රකාශ කළ යුතුවේ. තරුණයින්ට නායකත්වය ලබාදිය යුතු බව සැබෑවකි. නමුත් පළපුරුදු නායකයකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පක්ෂයේ නායකත්වයේ රැඳීසිටිය යුතු බව මගේ පුද්ගලික මතයවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site