IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න නියෝග

(නිමන්ති රණසිංහ)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  රියර් අද්මිරාල්  රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන නඩු වාරයට පෙර අත්අඩංගුවට ගන්නැයි කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක  මහතා අද (02 )  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ලබන 09 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.‍

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන  සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්  චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්’ට සැඟවී සිටීමට උපකාර කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.

රියර් අද්මිරාල්වරයා  අත්අඩංගුවට ගැනීම  සඳහා සාක්කි තිබියදීත්  ඔහු අත්අඩංගුවට නොගන්නේ  ඇයිදැයි අද නඩුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය.   

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන්ට යම් යමි බලපෑම් ඇති බවයි.

එම කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ලබන 9 වැනිදාට පෙර  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.



අදහස් (3)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න නියෝග

geetha Friday, 02 November 2018 10:14 AM

ආණ්ඩුව වෙනස් වුණාම සත්‍ය නේවි සම්පත් එළියට එ්වි..

:       13       78

Gamini Friday, 02 November 2018 11:23 AM

අර්ජුන මහෙන්ද්‍රන්ට හොරකම් කරන්නට ආධාර, අනුබල දුන් අයවත් අත්අඩංගුවට ගන්නට නියෝග කළානම් තමයි හොඳ.

:       3       92

Hafeel Friday, 02 November 2018 11:39 AM

විනිසුරුවරයා දන්නේ නැද්ද අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි කියලා? ජනාධිපති විශේෂ කැබිනෙට් රැස්වීමක් කැඳවමින් ඔහුව ආරක්ෂා කළ බව.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site