(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ,ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියයි.
වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයයි. මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 7300කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 5600ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු හිඟ මුදල් අයකර ගැනීම සඳහා එම ආයතන සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ඇතිකර ගන්නැයි කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත.
මේ අතර ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල 2019 වසරේදී පහළ ගිය පසු 2020 වසරේදී ( මාර්තු අප්‍රියෙල් කාලසීමාවේදී) ඒ සඳහා විශේෂ බද්දක් පනවන තුරු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම ඉන්ධන සඳහා අතිරේක ලාභයක් ලබා ගෙන ඇතැයි එම කාරක සභාව සඳහන් කරයි.
මිල අඩු වීමේ වාසියෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාගන්නා ලද ලාභය කොපමණදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව දැනුම්දී ඇතත් අමාත්‍යාංශය හෝ සංස්ථාව එම වාර්තාව ඉදිරිපත් කිරීම මග හැර ඇතැයි කෝප් කමිටු වාර්තාව සඳහන් කරයි.
මේ අතර අන්තර්ජාතික වශයෙන් ඇතිවිය හැකි හදිසි අහිතකර තත්වයන් යටතේ රට තුළ ඉන්ධන සැපයුම අඩාල විය හැකි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙසට කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශය ට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ ඉදිරිපත් කර තිබිණැයි ඒ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
අප්පුහාමි Wednesday, 09 March 2022 05:49 AM
එකම විසඳුමයි තියෙන්නේ.. වහාම ඉන්ධන මිල වැඩිකරන්න. නැත්නම් මේවා මුදල් අමාත්‍යාංශයට සම්බන්ධයක්ට තිබේ නම් මුදල් අමාත්‍යාංශය මගින් අයකරන්න...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 07:04 AM
විදුලිය බල මණ්ඩලයෙන් රටේ ජනතාව පිනට විදුලිය ගන්නේ නැහැ.ඒ නිසා මෙසේ ණය වූවේ ඇයි ද යන්න ගැන පරීක්ෂා කළ යුතුයි.අනෙකුත් ආයතන ගැනත් තත්ත්වය එසේමයි.මේ ආයතන මෙසේ ණය වූවේ රටේ ජනතාවට සහන සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන නොවේ.එසේ නම් කුමටද ? මේ ණය ගෙවීමට මුදල් නැත්තේ ඇයි ?