IMG-LOGO

ආනවිළුන්දාවේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා දමලා

(එච්. චන්දන)
 
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිටුවන ලද කඩොලාන පැළ 1000කට වැඩි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා විනාශ කර දමා ඇතැයි ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය කියයි.
 
ඉකුත් පෙබරවාරි 02 වැනි දිනට යෙදී තිබුණු ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම ජාතික උත්සවය එදින ආනවිළුන්දාව තෙත් බිමේදී පැවැත්විණි.
 
මෙම ස්ථානය නිරීක්ෂණයට අද එහි ගිය වන ජීවී නිලධාරින්ට මෙම කඩොලාන පැළ ගලවා දමා ඇති අයුරු දක්නට ලැබුණු අතර එයින් විනාශ වී මිය ගොස් නොතිබුණු පැළ යලි රෝපණය කිරීමට ඔවුහු කටයුතු කළහ. මේ පිළිබදව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරණ බව ද වන ජීවී නිලධාරීහු සඳහන් කළහ.
 
වනජීවි රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනයකරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  අශෝක ප්‍රියන්ත, පිරිසර හා වන ජීවී ආමාත්‍යංශ ලේකම්වරුන්, වන ජීවී අධක්ෂ ජනරාල්  ඇතුළු පිරිසක් කඩොලාන පැළ සිටවීමට එදින එක් වී සිටියහ.
 
මීට කලකට පෙර ඉස්සන් වගාවක් යොදාගෙන තිබූ මෙම බිම් කොටස් යලි රජයට පවරාගෙන මෙම කඩොලාන සිට වූ අතර  එම බිම් කොටස්වලින් කොටසක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුතුපන්තියේ ධීවරයෝ පිරිසක් මෙදින විරෝධතාවයක ද නියැලුණහ.

 



අදහස් (10)

ආනවිළුන්දාවේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා දමලා

sachith Monday, 22 February 2021 12:34 PM

හිටවන්න ආවා වගේම ගලවපු එක පිටුපස්සෙත් ඇත්තේ ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න පුළුවන් ඇමැතිගේ හෙංචයියන් වෙන්න ඇති.

:       0       70

Raveendra Monday, 22 February 2021 01:21 PM

මේ වගේ තිරිසනුන් ජාතියක්.. කවුරු කරත් ඉතාම නින්දිත මෙලොවදීම ප්‍රතිඵල ලැබෙන පාප කර්මයක්.

:       0       55

Nuwan Monday, 22 February 2021 01:30 PM

පුදුම පිළිකුලක් දැනෙන්නේ වත්මන් පාලකයන් ගැන. මේ වගේ පරිසරය විනාශ කරන අය අල්ලගන්න බැරුව සහරාන් වගේ කෙනෙක් ආයෙත් ආවොත් කොහෙන් අල්ලන්නද?

:       4       63

Kule Monday, 22 February 2021 02:14 PM

මට පේන්නේ මේවට රජයේ ඉහළ අයත් සම්බන්ධ ඇති.. නැතිනම් පහළ අය මේ වගේ දේවල් බයක් නැතිව කරාවිද? 

:       1       45

Lanka Monday, 22 February 2021 03:45 PM

අනේ අපි පත්කරගත්තු ආණ්ඩුවක්... නොදකින් විතරක්...

:       0       1

69lakshaya Monday, 22 February 2021 05:36 PM

මේ කැලෑවල් එළිකරලා හොඳ හෝටල් ගහලා විදේශිකයන් ගෙන්නලා, රටට විදේශ විනිමය ගෙනැල්ලා රටේ ආර්ථිකය දියුණු කරන්නයි මේ හදන්නේ.. මේවා ඉතා හොඳ වැඩ..!!! 

:       1       0

Ano Monday, 22 February 2021 05:40 PM

දේශපාලන පිශාචයින් ඉන්නකම්නේ රට ගොඩ ගන්න අමාරු. ඒ වගේම ඒ පිශාචයින්ට ගොටු අල්ලන මනුස්සයින් විදියට ඉන්න ජරාජීර්ණ කුම්භාණඩයින් ඉන්නකම් පිශාචයින් එලවන එක ලේසි වෙන්නේ නෑ.

:       0       1

ලුම්බිණි Monday, 22 February 2021 11:56 PM

පෙන්නන්නේ නම් පරිසර හිතකාමී කියලා. කරන්නේම පරිසරය විනාශ කරන එක. මෙහෙමත් මිනිස්සු එක්ක අපට ජීවත් වෙන්න වුණානේ...

:       0       3

Rata Perata Tuesday, 23 February 2021 08:08 AM

පරිසරය රැකගන්න කැපවීම තියෙන ඉතා සුළු ප්‍රමාණයක් වන ජනමාධ්‍ය ටික හා ජනතාව අන්දන්න කරන වැඩ මේ. ආයෙත් අලුතින් හිතන්න දෙයක් නැහැ. අපේ පරිසරය වනසන්නේ මේ රජයම තමයි. එක එක්කෙනාට ඇඟිල්ල දික් කරකර ඉඳලා වැඩක් නැහැ. ප්‍රශ්නේ මුලටම විසඳුම දෙන්න ඕනෑ. නිදහසෙන් පස්සේ තියෙන ඉතාම දුර්වල, අසාර්ථකම රජය තමයි දැන් තියෙන්නේ...

:       0       2

Lanka Tuesday, 23 February 2021 10:35 AM

තාමත් අපි රෙස්පෙක්ට් සර්... නේද මෙයා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 30 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 605 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site