(රංජන් කස්තුරි)
ආයනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 36ක් ලෙස මෙතෙක් පැවැති බද්ද රුපියල් 8 දක්වා අඩුකර තිබේ.
ආනයනික තිරිඟු පිටි සඳහා මෙතෙක් කිලෝග්‍රෑමයකට රුපියල් 36ක් ඒකාබද්ධ තීරු බද්දක් පනවා තිබූ අතර, එය ඉවත්කර ඒ වෙනුවට රුපියල් 8ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවමින් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
තවද ඕනෑම ව්‍යාපාරිකයකුට මින් ඉදිරියට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබාදීමටද ඉකුත් සතියේ රජය තීරණය කර තිබිණි.
මෙතෙක් ලංකාවට තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර දී තිබුණේ ප්‍රධාන සමාගම් දෙකකට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රීමා සමාගමට හොඳ කලක්...
මෙතුවක් කල් සිංගප්පූරුවේ ප්‍රීමා සමාගම ලංකාවේ ආධිපත්‍යය පැතිරෙව්වා. අනෙකුත් නිෂ්පාදනත් විකුණනවා. බලමු ඉදිරියට..