(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වේ .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන්ගේ සහභාගීත්වයෙන් මාදිවල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී මෙම යෝජනාවලිය එළි දැක්වෙනු ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය, ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් එක්ව මෙම යෝජනාවලිය සකස් කර ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණ්ඩුවේ හවුල් පක්ෂවලින් ඩොලර් හිඟයට විසඳුම්
චන්දිම ෆොන්සේකා Saturday, 26 February 2022 05:23 PM
අන්න අරෙහෙ එංගලන්තේ වරකා ගෙඩියක් පවුම් කොච්චරද ගානකට අලෙවි වෙනවාලු. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් පනස් දාහක් විතර. ඔහෙලගෙ ඔය වෙන වෙන යෝජනා පැත්තක තියෙද්දී ඔය හොඳට පැහිච්ච වරකා එකතු කරලා රට යවන්න ට්‍රයි එකක් දෙනවලා. වරකා වවන්න වැඩ පිළිවෙලක් හදනවා. එතකොට ඩොලර් ඒවි. තවතව පරක්කු කරන්න එපා.
ABSaturday, 26 February 2022 06:44 PM
ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ කිසිවකු හෝ සැලසුමක් IMF වෙත ඉදිරිපත් කිරීමට රජය අපොහොසත්ව තිබෙන අවස්ථාවක IMF ආයතනයේ පිරිසක් සැලසුමක් සමග ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
වවන්නෝ දිනන්නෝSaturday, 26 February 2022 07:16 PM
වරකා වවන්නේ ලොසින්ජර් හිටවලාද චන්දිම..? එංගලන්තයේ විකිණීමට තිබුණේ කොස් ගෙඩියක් කියලයි අපි දැක්කේ..!
sena Saturday, 26 February 2022 05:28 PM
මේකට උත්සව තියන්න ඕනද? කැබිනට් රැස්වීමේදී යෝජනා බාරදුන්නාම ඉවරයිනේ... මේ විකාරවලින් පේන්නේ මේ උදවියගේ නොහැකියාව...!
මසිරිපාලSunday, 27 February 2022 06:05 AM
ඒ ඔක්කොම අයට කිසිම හැකියාවක් නැහැ. තියෙනවා නම් අනුන්ගේ රෙද්දෙ එල්ලිලා ඉන්න ඕනෑ නැහැනේ. මොවුන්ට තියෙන්නේ සම්පප්ප්‍රලාප කියැවීමේ හැකියාව පමණයි...!
Amara Saturday, 26 February 2022 05:37 PM
හතර හිනා..! දෙයියනේ අපට කියන්නෙ ඇයි කැබිනට් මණ්ඩලේට කියන්නකෝ? මොන ළදරුවෝද මේ..?
abSaturday, 26 February 2022 06:51 PM
බොලිවුඩ් හෝ හෝලිවුඩ් වල පවා සොයාගැනීමට අසීරු ලංකාවටම පමණක් ආවේණික නිෂ්පාදනයක් සඳහා ලංකාවේ කවුරුන් හෝ ටෙලිනාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන පිරිසට දක්ෂ නළුවන් අවශ්‍ය වේ නම් ඕනෑම රඟපෑමක් කිරීමට සුදුසු පිරිස මේ අතර සිටියි. මේ සියලු දෙනාම ඒ සඳහා ප්‍රවීනයින් වේ. නොමිලයේම ඔවුන්ගේ සේවය ඉටුකර දෙනු ඇත.
Pradeep Kumara Saturday, 26 February 2022 05:47 PM
රටේ මුදල් කොල්ල කාලා විදෙස් බැංකුවල තැන්පත් කරලා තියන අයගේ මුදල් රජයට පවරා ගන්නත් යෝජනා කළාද..?
විපරමා Saturday, 26 February 2022 06:53 PM
දේශපාලුවන් හොරාකාලා හංගපුවා ගිණුම්වල ඕනෑතරම් ඇතිනේ... සුනාමියෙන් ලැබුණු පවුම්, ඩොලර් හෙල්පින්ග් හම්බන්තොට ගිණුමට බාගන්න ඇති...
Lalith M Saturday, 26 February 2022 08:29 PM
ඩොලර් කලර් ෆොටෝ කොපි ගහමු..
Jagath Saturday, 26 February 2022 08:33 PM
අපේ වැටුප අපි වෙන රටකට යවනවා. අපේ යාලුවෝත් එහෙමයි. ඒ වගේම අනිත් අයවත් අපි දැනුවත් කරනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා.. මේ කාලකන්නි ආණ්ඩුව තියෙනකන්. ජාතික ජන බලවේගය, ජේවීපී එක රජයක් පිහිටුවපු ගමන් අපේ ඩොලර් ලංකාවට ලැබේවි. හදවතින්ම අපේ මාතෘ භූමියේ දියුණුව සඳහා...
Jagath Saturday, 26 February 2022 08:38 PM
මේ අය කොහොමද අනේ ඩොලර් හොයන්නේ. දූපත්වාසී නිසි අධ්‍යාපනයක් නැති වහල් හැත්ත. විමල් වීරවංශ, වාසුදේව කියන්නේ නියම ඩබල් ගේම් කාරයින්. ඊළඟ ඡන්දෙන් පස්සේ මේ අයට වෙන්නේ මීයන් අල්ලන්න...
කෝරලගේSunday, 27 February 2022 07:11 AM
සමහරක් සිවුරු දාගෙන කරන හොරකම් බුද්ධාගමට කොච්චර නිගාවක්ද? දුශ්ශීලයින් මහජන ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් අපේ බුද්ධාගමට කරන නිගාව කොච්චර කැතද?
NuwanSunday, 27 February 2022 09:03 AM
හවුල්කාර පක්ෂවලට මේවා ආණ්ඩුවට කියන්න පුළුවන්... අපිට කියලා වැඩක් නෑ. විපක්ෂය තමන්ගේ වැඩපිළිවෙළක් එක්ක පාරට බැහැලා ජනතාවට කියන්න ඡන්දයක් ඉල්ලන්න කියලා. එහෙම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න විපක්ෂයට හැකියාවක් නැද්ද? අඩුමගානේ අපි ඩොලර් එක පාකරනවා. අපිට බලය දෙන්න කියලා කියන්න බැරිද?
fairoos Sunday, 27 February 2022 01:39 PM
අනේ මේ කාලකණ්ණි ඉන්නකන් රටට කිසිම සෙතක් නෑ...