(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .
එය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසුව "මහින්ද සුළඟ " නමින් නුගේගොඩ දී පැවැත්වූ රැස්වීම ආකාරයෙන් එම ස්ථානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ .
එම රැස්වීම මේ මස අග දී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ .
මේ අතර ,හවුල්කාර පක්ෂ එක්ව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් රැස්වී මාලාවක් පැවැත්වීමටද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කොළඹදී රැළියකට සූදානමක්
Bamunuarachchi Saturday, 12 March 2022 05:03 PM
ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්ලු. මේ ගොල්ලන් රැලි පවත්වනවිට ජෙප්පන්ට, සජබයින්ට රජ මගුල්... සුපුරුදු පරිදී රැවුල වවලා සිවුරු දාගත්තු ජෙප්පෝත් ඒවී රැළියට සපෝට් එකට...
nimalSaturday, 12 March 2022 06:19 PM
මහතීර් මොහොමඩ් සහ ලී ක්වාන් යූ නායකයින් විසින් දැඩි තීන්දුවක් ගෙන රටටම විහිළු සපයමින් සිටි දේශප්‍රේමීන් දෙදෙනෙකු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇමති තනතුරුවලින් ඉවත් කර ඇත. ඉදිරි මැතිවරණයේදී ඔවුන් පිළිබඳව තීන්දුවක් ගැනීමට ජනතාවට බාරකර ඇත..
PereraSunday, 13 March 2022 10:01 AM
මේ දෙන්නා දැනුත් කරන්නේ තනිකර බොරුව... මේ දෙන්නට ඡන්දෙ දෙනවා කියන්නේ ආපහු ඒ අයගේ මේ අලුත් ළණුව කාලා කියන එකයි...
Bamunuarachchi Saturday, 12 March 2022 05:06 PM
මේ හදන්නේ ඒ ගොල්ලන්ගේ තරම කොපමණද කියා බලාගන්න... මොකද ඡන්දයක් ඉල්ලන්න නොවෙයිනේ... මේ වෙලාවේ ඔයගොල්ලන්ට සපෝට් එකට මිනිස්සු ඒවි...!
අතුල සෞදි Saturday, 12 March 2022 05:48 PM
නැවතත් 2024 ජනාධිපතිවරණ සටනට අවතිර්ණ වූ වගයි. මෙවර ඔක්කොම කුණු බෙංගාල බොක්ක නොහොත් බැසිල් නැමති විදේශ ආක්‍රමණය පරාජය කොට නැවතත් ගෝඨාභය ජනාධිපති කිරීමයි. මේවා මොල නෙමෙයි මොල ගෙනාපු නැව්...
Soma dubai Saturday, 12 March 2022 06:34 PM
වීරවංශට දේශපාලනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා...
Hafeel Sunday, 13 March 2022 09:38 AM
මේ විමල්ට ජනතාව ගොනාට අන්දන්න, ජාතීන් අතර අසමගිය ඇති කරන්න දැනුම නම් උපරිම තියනවා. විමල්ගේ භාෂාවෙන් කියනවා නම්, අවලස්සන ඇමරිකානුවෝ පාර්ලිමේන්තුවට එන්න දැනදැනම අවස්ථා සලසා දුන්නෙත් මේ විමල් තමයි. අද මේ විමල් කළ ද්‍රෝහීකම, යූ එන් පිය හෝ සජිත් පක්ෂය හෝ හකීම් හෝ රිෂාර්ඩ් හෝ ද්‍රවිධ සන්ධානය හෝ කළා නම්, මේ මොහොතේ මේ විමල් ඔවුන්ව අමතන්නේ දේශද්‍රෝහී, රට පාවා දුන්නා කියලා. ඒ නිසා තවදුරටත් මේ විමල්ට අහුවන්න එපා. විමල් කරන්නේ අනුන්ගේ කොන්ත්‍රාත්තුවක් මිස රට ගැන හිතලා නොවේ...
Samantha Saturday, 12 March 2022 06:55 PM
ජනතාව ගොනාට අන්දගෙන නටපල්ලා... අන්තිමේ ඇන්දෙනවා... බලන් හිටපල්ලා...
Sisil Saturday, 12 March 2022 07:59 PM
විමල් ඩබල් ගේම් ගහන්නේ.. මෙයාට රාජපක්ෂලා හැර වෙන විකල්පයක් නෑ. ජනතාව පරිස්සම් වෙන්න. මෙයාට රැවටෙන්න එපා.