IMG-LOGO

ආණ්ඩුවේ පසුපෙළින් කතානායකට පෙත්සමක්

(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  පෙත්සමක් බාර දුන්හ.

මෙම පෙත්සමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු අත්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අස්සන් කළ මෙම පෙත්සම කතානායකවරයා අනතුරුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට බාරදී ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසිනි.

මේ පාර්සල් සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 24 වෙනිදාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදීද පසුගිය 25 වැනිදා විශේෂ ඉල්ලීමක් කළහ.

 



අදහස් (1)

ආණ්ඩුවේ පසුපෙළින් කතානායකට පෙත්සමක්

sharm warn Friday, 04 March 2022 11:25 AM

අනේ ඇත්තට... පාස්කු දවසේ පුපුරවපු බෝම්බ ගැන හොයන්න මෙච්චර උනන්දුවක් තිබුණා නම් මිරිස්කුඩු ගෙනාවාම කමිටුවක් පත්කළේ නැත්තේ ඇයි...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1726 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 569 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 660 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site