ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී මීට මොහොතකට පෙර ඇරඹිණි.
විවාදය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.
මෙම විවාදය හෙට (11) දිනයේත් පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 6.30ට සිදුකිරීමට නියමිතය.
COMMENTS
කොටස් වශයෙන් එළි දැක්වෙන මෙගා නාටකයේ තවත් අවස්ථාවක්. හරිම ප්‍රහසනාත්මකයි. ස්වභාවධර්ම රූපිව රඟ දැක්වෙන්නක්.
විවාද කරයි. රටට පෙනෙන්න . හෙට හවස බලන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරු කී දෙනාද විශ්වාස භංගයට විරුද්ධව අත ඔසවන්නට පාර්ලි මේ න්තුවේ ඉන්නේ කියලා.
කුලුහරකුන්, මිහරකුන් පිස්සු බල්ලන් වල් බල්ලන් රගපාන මහා නාටකය දැන් දියවන්නාඔය " මඩ වලේ " රග දැක්වේ.... සියලෝම පැමිනෙත්වා !!! දර්ශන සියල්ල නොමිලේ දැක බලා ගත හැක...
ආණ්ඩුවට එරෙහිව දැඩිව නැගී එන ජනතා විරෝධය සමනය කිරීමට, ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනැල්ලා, පහසුවෙන්ම ආණ්ඩුවට ජයග්‍රහණය කිරීමට ඉඩ ප්‍රස්ථා හදලා දීලා ජනතාවගේ ආණ්ඩු විරෝධය සමතලා කිරීමේ තුච්ඡ වැඩ පිළිවෙළක්..
සැබෑ ආණ්ඩු විරෝධියෝ කවුද කියලා බලාගන්න පුළුවන් මේ වතාවේ... පොහොට්ටුවේ ශ්‍රීලනිපයේ කීදෙනෙක් අත උස්සයිද කියලා බලමු. ජවිපෙට රතු අලි කිව්වට හැම විශ්වාසභංග යෝජනාවකදීම ආණ්ඩුවට විරුද්ධව 6 දෙනාම ඡන්දෙ දුන්නේ ජවිපෙ විතරයි.
යහපාලන විහිලුවක් විතරයි. ජවිපෙ දිවිහිමියෙන් රැකපු රජය ගෙදර යවන්නේ නෑ...
පහුගිය වතාවේ ජවිපෙමනේ උසාවි ගිහින් ආණ්ඩුව ආරක්ෂා කරගත්තේ...
මේක තවත් ජවිපෙ ඩ්‍රාමා එකක් ..
මේ ඔක්කොම බොරුකාර හොර රැල එලවලා අලුත් ආරම්භයක් ගන්න අලුත් කෙනෙක් ජනපති කරමු. ඉන්න එකෙක්වත් වැඩක් නෑ කියලා අපිට තේරිලනේ තියෙන්නේ...
ඔව්, ඉතින් ගන්න වරප්‍රසාදවලට මොකක් හරි ජෝගියක් රටට පෙන්වන්න එපායැ. ලංකාවේ ආර්ථික දියුණුවේ පසුබෑමේ පුරෝගාමියෝ තමයි මේ ජෙවීපියෝ. මොවුන් කොතරම් කයිවාරු ගැසුවත් කාගේ හෝ වලිගයක එල්ලී තනතුරු සොච්චමක් කඩා ගත්තා හැර බලයට නම් එන්න බැරිබව ඉතිහාසය පුරාවටම පෙන්වා දී ඇත...
ඕකට සන්ධානය ඡන්දය දෙන්න ඕනෑ නෑ. ජෙප්පන්ට තමන්ගේ තරම බලා ගන්න ඉඩ අරමු. ඔවුන් හිතාගෙන ඉන්නේ... ආණ්ඩු හදන්නේ... එලවන්නේ... ඔවුන් කියලා...