
නාට්‍යවේදී එම්. සෆීර් ප්‍රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් තියටර් හවුස්” ආයතනය 8 වැනි වරටත් සංවිධානය කරන “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවීණ නාට්‍යවේදියකු, චිත්‍රපට, වේදිකා, සිනමා රංගධරයකුවන ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවා වෙනුවෙන් “මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙල” වෙන්කොට තිබේ. “ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල” වන මෙහි ජාත්‍යන්තර ආරාධිත නාට්‍යකරුවා වන්නේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන ජාලයේ නාට්‍ය හා නර්තන අංශ ප්‍රධානි තෝමස් ස්ට්‍රම්ප් මහතාය.
මෙවර නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළුව ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔස්ටේ්‍රලියාව, පාකිස්ථානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් නූතන රංග කලාවේ ප්‍රගමනයට හේතුවන නාට්‍ය නිර්මාණ 13 ක් වේදිකා ගත කිරීමට නියමිතය.
සමාරම්භක උත්සවය අගෝස්තු මස 03වැනි දින කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, නාට්‍ය දර්ශන 04 වැනිදා සිට 09 වැනිදා දක්වා දිනපතා පස්වරු 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ. “කොළඹ නාට්‍ය කතිකාව” 05 වැනිදා සිට 07 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, නූතන රංග කලා වැඩමුළු 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වෙන බව උළෙලේ අධ්‍යක්‍ෂ, නාට්‍යවේදී එම්. සෆීර් “රසවින්දන”ට පැවසීය.
COMMENTS
අපේ ජාතිවාදී නඩය දැන් කියයි නායඨ උළෙලේ අධ්‍යක්ෂක අයි අයි එස් කාරයෙක් කියල ඕක වර්ජනය කරන්න කියල.
සෆීර්ව නොදන්නා අය එහෙම කියයි.. මේ මනුස්සයා ලංකාවේ නාට්‍ය කලාවට කරන බරපතල මෙහෙය දන්නා අය ඔහුව ජාතියෙන් මනින්නේ නැහැ..
"ජයලත් මනෝරත්නගේ " චිත්‍රපටි බලලා හුඟක් රසිකයෝ .. " හිනාවෙලා මලා "
රංගනයට එතුමාගේ පූර්ණ ජීවිතයම කැප කරපු කලාකරුවෙක් විචාර බුද්ධියෙන් බලන්න.. එතුමාගේ රංගනය ඔබ අල්ලා ගන්නවත්, හිතාගන්නවත් බැරි තැනකට ගෙන යාවි...