IMG-LOGO

ආගරපතන වතු කම්කරුවෝ වැඩ වරති

(ඩී.කේ.රත්න)
 
ආගරපතන වැවිලි සමාගමට අයත් හපුතලේ කහගල සහ බෝව ඉදල්ගස්හින්න වතු දෙකෙහි වතු කම්කරුවන් 729 දෙනෙකු අද (11) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
වතුකම්කරුවන්ට ලබාදීමට නියමිත පෙබරවාරි මාසයේ වැටුප මෙතෙක් ලබා නොදීම නිසා ඊට විරෝධය දක්වමින් ඔවුහු වර්ජනයේ නිරත වෙති.
 
සෑම මාසයකම 10වන දින වතු කම්කරු වැටුප් ගෙවීමට නියමිත අතර අද (11)  වනතුරුත් වැටුප් නොගෙවීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත. කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙන අතර වැටුප් ලබා දෙනතුරු මෙම වැඩවර්ජනක කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වතු කම්කරුවෝ පවසති.

 
ඊට අමතරව, නමුණුකුල වැවිලි සමාගමට අයත් ඇල්ල කිනලන් වතුයායේ වතු කම්කරුවන් ද අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
වතු කම්කරුවන්ගේ මාසික වැටුපෙන් ආගමික දේවස්ථානය සඳහා මාසිකව අය කරනු ලබන මුදල් මාස කිහිපයක සිට දේවස්ථානයට ලබානොදීම, කිනලන් වතුයායේ නිෂ්පාදිත අමු දලු තේ කර්මාන්තශාලාවේ ඇඹරීම් නොකර බල්ලකෙටුව හිඳගල තේ කර්මාන්තශාලාවට රැගෙනයාම සහ වතු කම්කරුවන්ගේ අර්ථ සාධක මුදල් එම ගිණුම්වලට බැර නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.



අදහස් (0)

ආගරපතන වතු කම්කරුවෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site