IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අලි රොෂාන් ඇතුළු පිරිසට නීතිපති පවරා ඇති නඩුවට විත්තියේ නීතීඥවරුන්ගෙන් විරෝධයක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතීඥවරුන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් අතර ලබන සැප්තැම්බර් 18 වැනිදා එම විරෝධතාවය පිළිබඳව කරුණු විමසීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි (සභාපති) ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.

2014 ජුලි මසයත් 2015 අගොස්තු මාසයත් අතර කාලයේ මහරගම, ඇරව්වල, නාවල, බත්තරමුල්ල හා ඔරුවල යන ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් අය සමඟ එක්ව සොරකම් කළ අලි බව දනිමින් වංචනිකව එම අලි ජාවාරම් කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව අලි ජාවාරම් කිරීම, එම අලි නීතීවීරෝධී අන්දමින් ලඟ තබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

අලි ජාවාරම්කරුවකු බව කියන නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී එච්. පි‍්‍රයංකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතුවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නඩුව විභාග කිරීම සඳහා මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කෙරිණි.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩුව සම්බන්ධයෙන් ඇති මූලික විරෝධතා එදින ඉදිරිපත් කරන ලෙස විත්ති පාර්ශ්වයට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනි සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ඇතුළු නීතීඥවරුන් කණ්ඩායමක් පෙනී සිටියහ.

 

 

 

 



අදහස් (0)

අලි රොෂාන් ඇතුළු පිරිසට නීතිපති පවරා ඇති නඩුවට විත්තියේ නීතීඥවරුන්ගෙන් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site