IMG-LOGO

අලි - මිනිස් ගැටුමට මේ වසරේ තිත

(විනීතා එම් ගමගේ)

කිලෝ මීටර් 1500 ක් දිගින් යුතු අලිවැට මේ වසරේ ඉදිකර අවසන් කරන  බව වනජීවී සහ වන සම්පත්  අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.

මේ වනවිට අවශ්‍ය කෙරෙන සියලු උපකරණ මිල දී ගෙන අවසන් බවත් අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට, පුත්තලම ඇතුළු ප්‍රදේශවල මෙම අලි වැට ඉදි‍කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙයින් කිලෝ මීටර් 1000 ක් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමටත් 500 ක් පෞද්ගලික අංශයට දී ඉදිකරවීමටත් කටයුතු කරන බව ද රත්නායක මහතා පැවසීය.

ඉදිකෙරෙන අලි වැටට පිටින් හණ වගාවක් සිදුකිරීමට ද පියවර ගන්නා බව කී අමාත්‍යවරයා හණ පැල මිලියන පණහක් වැවීමට බලාපො‍රොත්තු වන බවත් අවශ්‍ය හණ පැල ප්‍රදේශවාසින් ගෙන් ටෙන්ඩර් කැඳවා ලබා ගැනීමට ත් පියවර ගන්නා බව කියා සිටියේය.

එම වගාවෙන් ලබා ගන්නා හණ ක‍ෙඳි දේශිය හස්ත කර්මාන්ත සඳහා යොදා ගැනිමට නියමිත යැයි කී ඔහු දිනකට කිලෝමීටර් දෙකක පමණ හණ සිටුවිය හැකි යැයි ද කිය.

එමෙන්ම අලි වැට ඇතුල් පැත්තෙන් එම ප්‍රදේශවාසින් ගේ කර්මාන්තයක් වශයෙන් මී මැස්සන් ඇති කිරීමට සැලසුම් සකසා ඇතැයි ද ඒ සඳහා ප්‍රදේශවාසින්ට මීමැසි පෙට්ටි බෙදා දීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (3)

අලි - මිනිස් ගැටුමට මේ වසරේ තිත

siri Tuesday, 29 June 2021 04:24 PM

ඒ වෙනකල් මියයන මනුස්ස ජීවිතවලට, වගා හානිවලට වගේම අලි ඇතුන්ගේ ජීවිතවලට වගකියන්නේ මේ මහත්තයාගේ අප්පොච්චද? ඒවගේ ප්‍රශ්නවලට දිනපතා මුහුණදෙමින් ඉතාම දුෂ්කර ජීවිත ගෙනයන අහිංසක ගැමියන්ට විතරයි මේ ප්‍රශ්නයේ බරපතලකම තේරෙන්නේ. මහජනතාවගේ වියදමෙන් කොළඹ සැප මාලිගාවල සැප ජීවිත ගෙනියන පින්බත් රජාලට නෙවේ. අවුල තියෙන්නේ එතනයි.

:       5       34

Sri Lanka Tuesday, 29 June 2021 05:02 PM

ඔයිට වඩා හොඳයි අපේ කැලෑවල් වටේටම ලොකු පවුරක් හදන එක. එතකොට කාටවත් කැලෑ කපන්න බෑ.

:       0       11

කිරි පුතා Tuesday, 29 June 2021 07:40 PM

ඔය ගහන වැටවල් පතෝල මැස්ස වගේ නැතිව ටිකක් හයි හත්තියට ගැහුවා නම් තමයි හොඳ... නැත්නම් අලි ඒවා කඩන්නේ වලිගෙන් ගහලා. අන්තිමට කෝටි ගණන් ගිහින් තිබුණාට වැටවල් බිම...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site