(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ප්‍රදේශයේ දී කාන්තාවකගෙන් අල්ලස් ගත් සහකාර පොලිස් අධිකාරිවරයකු අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුන්නේශ්වරම ප්‍රදේශයේ කෝවිලක් පවත්වා ගෙන යනු ලබන කාන්තාවකට රාජකාරි කිරීමේ දි වාසි සහගතව කටයුතු කිරිම පිණිස සැකකාර සහකාර පොලිස් අධිකාරි ඇගෙන් යම් මුදලක් ඉල්ලු බවට කොමිසම වෙත ලැබී තිබු පැමිණිල්ලක් අනුව එම මුදල් රැගෙන යාමට පැමිණි අවස්ථාවේ දි සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
ප්‍රමුඛත්වය දෙනවා නම් නව ජනාධිපතිවරයාට ඔන්න තියෙනවා වැඩක්. අල්ලස් කොමිසම් පණගන්වන්න. ඕකට ක්‍රියාශීලි අධ්‍යක්ෂ ජනරාලවරයෙක් වගේම කාර්යශූර කොමසාරිස්වරුන් පත්කරන්න. දැන් විශ්‍රාම ගිය අයට නවාතැනක් පමණයි...
සැකකරුට නමක් නැද්ද? හලාවත පොලිසියේ ඔක්කොම සැකකරුවන්ද?
මහි මහත්මයා අල්ලස්, දුෂණ කොමිසමට විශ්‍රාමිකයෝ පත් කළාම එ්ක කොහොමත් අසාර්ථකයි.. හොර දේශපාලකයින් සහ නිලධාරීන්ගේ අපේක්ෂාවද ඒකයි.. ඝෝඨාභය මහත්මයාගේ කළමනාකාරීත්වය යටතේ යුද්ධය දිනන්න පුළුවන් වුණා නම්, ඔහුට අවංකවම අවශ්‍යතාවයක් තිබෙනවා නම් ලංකාවේ ශක්තිමත් අල්ලස්, දූෂණ කොමිසමක් ස්ථාපිත කර එය ක්‍රියාත්මක කරන එක සුළු දෙයකි.