IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද  එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය.

විධායක ජනාධිපතිවරයා ආණ්ඩුවේ අයගෙන් වත් උපදෙස් ගන්නේ නැතැයි ද මොනවා වෙනවා දැයි කියා ඇමැතිවරු පවා දන්නේ නැතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

"ඒ නිසා මේ සිදුවන දේ වල වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයා යි.නව ව්‍යවස්ථාවක් හදන විට ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.ස්වාධීන කොමිෂන් වලට නිදහස දුන්නේ නැතිනම් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ලැබෙන්නේ නැහැ.තමා අසාර්ථක වී ඇති බව ජනාධිපති ම කියනවා .ඒකට හේතුව එතුමාමයි. එතුමා කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. තනිව වැඩ කරලා ඔහු අමාරුවේ වැටිලා.දැන් ව්‍යවස්ථා හදන්නේ  ජනාධිපති ගේ නඩුවලට පෙනී සිටි අයයි .මෙය විහිළුවක්"යනුවෙන් ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය .

රටේ නීතියේ උත්තරීතර බව දිනෙන් දින අඩු වන බවට ජාත්‍යන්තර මතයක් ඇතිවී තිබෙන්නේ යැයිද යුරෝපා සංගමයේ නියෝජිත හමුවක දී ඔවුන් ද ඒ සම්බන්ධයෙන් තමාට  කරුණු කීවේ යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.



අදහස් (2)

‘අලුත් ව්‍යවස්ථාවක් හදනවානම් තේරීම් කාරක සභාවක් පත් කරන්න‘

gunarathna Thursday, 21 October 2021 06:21 PM

ඔබතුමා ලෝයර් කෙනෙක් නේද ?මේක හැදුවත් ඕක පාර්ලිමන්ට් එකට ගෙනත් සම්මත කර ගන්න ඕනේ නේ .එතකොට ඔබතුමාට පුළුවන්නේ ඕක පරාජය කරන්න

:       0       0

chandana Thursday, 21 October 2021 11:04 PM

අති බහුතරයක් ඡන්දෙ දුන්නෙ එක එක්කෙනාගෙන් අහ අහ ඉන්න නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 290 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 461 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 266 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 254 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 1074 1

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 803 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site