IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අලුත් රූපවාහිනි නාලිකාවක් - ගුවන් විදුලි සේවයක් ජනපති අතින් ඇරඹේ

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් එම ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සී ටීවී  (SEE TV)’ රූපවාහිනි නාලිකාව සහ ‘එස්.එල්.එෆ්. රේඩියෝ  (SLF Radio)’ ගුවන් විදුලි සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කෙරුණි. 

දුරස්ථ අධ්‍යාපනයට සහ අධ්‍යාපනික වැඩසටහන්වලට විශේෂ ඉඩක් වෙන් කරමින් ආරම්භ කෙරුණු එම රූපවාහිනි නාලිකාව පියෝ ටීවී අංක 128 සංඛ්‍යාතය ඔස්සේ නැරැඹිය හැකි අතර ගුවන් විදුලිකාව වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයට පිවිසීම සඳහා නව ප්‍රවේශ දොරටුවක් ද විවෘත කරන ලදි.

එම ප්‍රවේශ දොරටුව ජර්මනියේ පළමු ජනාධිපති ෆෙඞ්ඩ්‍රික් ඊබට් මහතාගේ නමින් නම් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා පදනම් ආයතනය ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා පදනම සහ ‘ද ෆ්‍රෙඞ්ඩ්‍රික් ඊබට් ස්ටිෆ්ටන්ග්’ ආයතනය අතර ඇති කරගන්නා ලද ගිවිසුමකට අනුවය. 

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‘ඩිජිටල් ඡායාරූපකරණ පාඨමාලාව 2018’ හැදැරූ සිසු සිසුවියන් 140 දෙනකුගේ නිර්මාණ දැක්වෙන් ‘අයිමාර්ට්’ ඡායාරූප ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

මීට අමතරව ජනාධිපතිවරයාගේ අතින් ‘ද සිග්නේචර් ඔෆ් ද එක්ස්සෙකටිව්  (Signature of The Executive)’ වෙබ් අඩවිය නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහනේ තෙවැනි මධ්‍යස්ථානය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. ‘ස්මාර්ට් ශ්‍රී ලංකා’ වැඩසටහන තරුණයන් සවිබල ගැන්වෙන වෘත්තීය සහ අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහනකි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, ජනාධිපති ලේකම් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ශ්‍රී ලංකාවේ වැඩබලන ජර්මානු තානාපති ඇන්ඩෘස් බර්ග්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභපාති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී. කුමාරසිරි සිරිසේන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සභාපති ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ, ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහනේ අධ්‍යක්ෂ ජෙනරාල් එරික් වීරවර්ධන, තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ. 

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (7)

අලුත් රූපවාහිනි නාලිකාවක් - ගුවන් විදුලි සේවයක් ජනපති අතින් ඇරඹේ

sirimal Thursday, 28 March 2019 06:18 PM

ඡන්දෙ එනකොට මේකත් ඡන්ද වැඩ වලට හරවා ගනීද දන්නේ නැහැ. අනිත් නාලිකා බොහොමයක්ම වාගේ එක කට්ටියකටනේ තල්ලුව.

:       11       396

rocky Friday, 29 March 2019 07:32 AM

නැතුව බැහැ නේ. පන්දම් අල්ලන වෙනත් මෙලෝ දෙයක් නොදන්නා නුගත් බංකොලොත් ආචාරියන් මහාචාරියන් සහ උවූන්ගේත් ඇම්බැට්ටයෝ ටිකක් දා ගත්තම වැඩේ ජිල්මාර්ට් එකට කෙරෙනවා.

:       0       48

Ranjan Friday, 29 March 2019 09:07 AM

මේ ගුවන්විදුලි සේවය වෙබ් ලිපිනය කරුණාකර දෙන්න ගූගල් මගින් සොයා ගත නොහැක.. ස්තුතියි!!!

:       0       2

Chanak Los angeles Friday, 29 March 2019 09:06 PM

එදා සරල ගොවියා අද කෝටිපතියා.. කොහොමද බොලේ ඒ ?

:       0       0

Prof. Dr. Edward M Perera Friday, 29 March 2019 10:36 PM

ශ්‍රී ලංකා පදනම් ආයතනයට 50 වසරක් සපිරුණු මේ සුවිශේෂ අවස්ථාවේ ඊට හදවතින්ම සුබ පතන අතරම මෙම ආයතනය හා මාගේ ජීවිතයත් අතර තිබු සුන්දර මතකයන්ද මේ අවස්ථාවේ සිහියට නැගෙනවා. ජර්මනියේ මාගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය අවසන් කොට 1981දී ලංකාවට පැමිණි පසු මා කළ ප්‍රථම රැකියාව පදනම් ආයතනයට සම්බන්ධවයි. එවකට ෆ්‍රෙඩ්රික් ඊබර්ට් පදනමේ අධ්‍යක්ෂක වූ ආචාර්ය පීටර් බර්න්ඩ් හා මමද එකම විශ්ව විද්‍යාලයක ශිෂ්‍යයන් වීමත් ජර්මනියේදී එවකට බලයේ සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයින් සමග තිබු මිත්‍රත්වයත් හේතුකොටගෙන ආචාර්ය පීටර් බර්න්ඩ් ගේ උපදේශකයෙක් ලෙස වසරක පමණ කාලයක් පදනම් ආයතනයට මාගේ සේවය ලබා දීමට හැකියාව ලැබුණා.. ෆ්‍රෙඩ්රික් ඊබර්ට් පදනම විසින් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ ලංකාවේ පැවැත්වූ ප්‍රථම පාඨමාලාවට ඇතුල් වීමේ වාසනාව මටද හිමිවූ අතර ඒ හේතුවෙන්ම ජාතික රූපවාහිනියේ ආරම්භක සාමාජිකයෙක් වීමේ වරප්‍රසාදයද මා හට හිමිවූ බව මෙනෙහි කරන්නේ ස්තුති පූර්වක හද පිරි සතුටකින්...

:       0       2

rocky Saturday, 30 March 2019 02:19 PM

ඔය මහාචාර්ය මහත්තය දැන් කොහෙවත් වැඩ කරන්නේ නැද්ද? එහෙම නැත් නම් එන්.ජී.ඕ. එකකවත් වැඩ කරනවද?

:       0       0

ramani Saturday, 30 March 2019 05:18 PM

චතුරිකා සිරිසේන ඔය ටීවී කොම්පැනියේ මොනවද කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 653 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 521 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2150 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2171 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 227 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2608 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site