අලුත් අවුරුද්ද අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 2.09 ට උදාවෙයි.
එදින පූර්ව භාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය වන බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමත්, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, එනම් අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට අපරභාග 8.33 දක්වා ආහාර පිසීම, වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීමත් සුබපල ගෙනෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව කියයි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.42 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා, හකුරු මිශ්‍ර කිරිබතක්ද, තිකුළු මිශ්‍ර (ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළුබඩු දමා) අග්ගලා සහ කැවුම් ද පිළියෙළ කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 03.54 ට රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කර, ආහාර අනුභව කිරීම මැනවි.
අලුත් අවුරුදු නැකත් සීට්ටුව පහත දැක්වේ.

COMMENTS
සාමය, සතුට, සමාදානය රජ වන ප්‍රීතිමත්, අතමිට සරුවන සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් මගේ ශ්‍රී ලංකාවාසී නෑ හිත මිතුරන්ට උදා වේවායි කියා මේ දුර රටේ සිට ආදරයෙන් පතමි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කෙසේ කීවත් ආහාර අනුභවයට ඇති වේලාව නම් අනුවනම් ජ්‍යෝතිෂයට අනුවනම් සුදුසුයි කියන්න අමාරුයි
ඔය මොන නැකතකට අවුරුද්ද පටන්ගත්තත් ලංකාවට කිසිම සෙතක් සිදුවෙලා නැහැනෙ.
ස්තුතියි සුබ අලුත් අවුරුද්දක්
මෙතන අදහස් පලකරන අපි අතර විවිධ අදහස් තිබුනත්, අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අවුරුදු නැකැත් කමිටුව මගින් යෝජිත නැකැත් වල බරපතල දෝෂයක් ඇති බව සමහර ජෝතිශ්‍යඥයින්ගේ මතයයි. මේ ගැන වහා සොයා බැලීම වටී.
ලැබුවාවූ සුභ නව වසර ලංකාදීප ගරු ප්‍රධාන කතුතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදී භවතුන්ටත්, කාර්ය මණ්ඩලයටත්, මෙහි ලියන විචාරකයන්ටත්,අදහස් දක්වන සැමටත්, ලංකාදීප පාඨකයන්ටත් සියලු යස ඉසුරෙන් පිරි සුභ නව වසරක්ම වේවා !!!
ලැබුවාවූ සිංහල හා හින්දු අවුරුද්ද සියලුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා .. විශේෂයෙන් මිනිසුන් තුල පවතින ජාතිවාදී ආගම්වාදී අදහස් තුරන් වී ඔවුනට සත්‍ය වැටහේවා !