(එච්. චන්දන)
අරුවක්කාලු කසළ අංගනයට කොළඹ සිට කසළ ගෙන ඒම හෙට (16) සිට නතර කරන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
දළුව ප්‍රදේශ පැවති දේශපාලන කමිටු රැස්වීමක දී අප්පුහාමි මහතා අද (15) මෙසේ කීය.
කොළඹ නගර සභාව සමඟ සාකච්ඡා කිරිමෙන් පසු මෙම තීරණය ගත් බව අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
පුත්තලම් ජනතාවගේ අවරුදු 3 ක සටනේ ජයග්‍රහණයක්.
ඇත්ත මෙය නොවෙයි මන්ත්‍රිතුමා. අර කොළඹ නගරාධිපති කට වරද්දා ගත්ත සිද්දියක් මේ සදහා මුල්වි තිබෙන බව තමයි මට නම් දැන ගන්න ලැබුනේ. බොරුවට ජනතාව ඉස්සරහ මේ වාගේ දේවල් කියන එක වැරදියි නේද ..
අපරාදේ මහජන සල්ලි, අදාල මැතිතුමාගෙන් සහ අදාල ඇමතිතුමාව පත්කරපු අගමැතිගෙන් නිරපරාදේ විනාශ කරපු මුදල අයකරගන්නා ඕන
ඡන්ද ගුණ්ඩුවට අහුවෙන මෝඩ මිනිසුන් ඉන්න තවත් රටවල් තියෙනවද?
හරි අපි අරුවක්කාලුවට කසල ගෙන ඒම නතර කරනවා කියමුකෝ. හෙට ඉඳලා කොළඹ කසළ ගෙනියන්නේ කොහෙටද? මේවා බුරු දේශපාලන කතා මිසක් වෙන යමක් නෙමෙයි. අරුවක්කාලු කසල අංගනය මිලියන ගානක් වියදම් කරලා හැදුවේ ෆුට්බෝල් ගහන්න නෙමේනේ ඒ විද්‍යාත්මක අධ්‍යනයක් කරලනේ. අඩුපාඩුකම් වෙනවා නම් ඒවා හදාගෙන අපි විසදුමකට යන්න ඕනේ. එහෙම නැතිනම් මේ එක එක්කෙනා කියන විදියට පටන් ගන්නයි, නවත්තන්නයි නෙමෙයි. මිනිස්සුන්ට එතන ඉන්න බැරිනම් ඒ මිනිස්සු අයින් කරලා හරි ඔය වැඩේ හරියට කරන්නයි ඕනේ. මේ රටේ විනයක් තියෙන්න ඕනේ. සාමුහික යහපත උදෙසා පුද්ගලික න්‍යාය පත්‍ර කැප කරන්න පුළුවන් වෙන්න ඕනේ. රටක් විදියට ඉදිරියට යන්න බැරිනම් යන්න දෙන්නෙත් නැත්නම් විනාශ වෙන්න අරින්න ඕනේ. නැත්නම් ඉන්න බැරි කෙනෙක් ඉන්නවා නම් යන්න පුළුවන්.
තාවකාලිකව අපි කුණු ගෙන යාම නවත්වනවා. නැතිනම් කුණු ටික දේශපාලකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. නැතිනම් ඡන්දය ප්‍රකාශ කරන දිනයට ඡන්දදයකයාගේ ඇඟේ වදින්න ඉඩ තිබෙනවා. එම නිසා අපි නොවැම්බර් මස 17 වෙනිදා සිට කුණු ටික ප්‍රවාහනය කරනවා.
මාසගණනක් තිස්සේ ඕක හදන කම් අප්පුහාමි හේන් කෙටුවද?