නාලක සංජීව දහනායක
ඇතිව තිබෙන අර්බුදකාරී වාතාවරණය සමනය වන තුරු දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කිරීම පිළිබඳව නැවත සිතා බලන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අද (26) ඉල්ලීමක් කළේය.
රටේ ආරක්‍ෂාව සුරක්‍ෂිත වනතුරු පාසල් දරුවන් එළිමහනට කැදවීම අතිශයින්ම භයානක බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය විසින්, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අර්බුදකාරී තත්වය සමනය වන තෙක් පාසල් විවෘත නොකරන්නැයි ඉල්ලයි
Darshana Friday, 26 April 2019 12:22 PM
හොද අදහසක් ....
ගල්කටස් Friday, 26 April 2019 12:33 PM
හොද අදහසක් නැතිනමි දෙමාපියන්ට මැරි මැරී තමා ඉන්න වෙන්නෙ. ජනතාවට දැන් නම් ලොකු අය ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ අපිට කුමක්ද මේ වුනේ? කවුරු ආණ්ඩුව කෙරුවත් රටෙ ආරක්ෂාව තහවුරු කිරීම ඒ අයගේ වගකීමක්
Sumith Friday, 26 April 2019 12:50 PM
රටට ආදරේ කෙනෙක්
රවි Friday, 26 April 2019 12:51 PM
අධ්‍යාපන ලේකම් වෙත චක්‍රලේක වලින් විදුහල්පති වරුන්ට හා ගුරුවරුන්ට ළමුන් පිලිබද වගකීම පැවරුවාට මෙවන් අනාරක්ෂිත අවස්ථාවක ඔවුන්ටද කළ හැකි දෙයක් නැත. පාසල් පටන් ගැනීමට පෙර සදුදා පාසල්වල දෙමව්පියන් හා ගුරුවරුන් හා ආරක්ෂක අංශ මගින් දැනුවත් කර ඊට පසු දිනක සිසුන් සදහා පාසල් පටන් ගන්න
Nayomi Friday, 26 April 2019 01:41 PM
රටේ ආරක්ෂාව නිසි ලෙස තහවුරු වන තෙක් දරුවන්ව නිවෙස් වල තබා ගැනීම සුදුසුය. දරුවන් දහස් ගණනක් ඒකරාශි වන ස්ථානයක යම් අනතුරක් සිදුවුවහොත් ඒ වගකීම භාර ගන්නේ කව්ද? පාසල් වාරයට නියමිත දින ගණන අනෙක් නිවාඩු කාල වලින් අඩු කර ගත හැකිය,
K. G. C. K. Amarasekara Friday, 26 April 2019 02:08 PM
ඔව් ඒක හොඳයි. තව සතියක්වත් බලලා පාසල් පටන් ගන්න
Bamunuarachchi Saturday, 27 April 2019 07:44 AM
නිවාඩුව දික්කලාම කොහොමද කොල්ලෝ කුරුට්ටන්ගේ හිනා පොඩ්ඩ. මතක තියාගන්න වැඩිය ලැබුණ නිවාඩුව ඉස්සරහ නිවාඩු වලින් අඩුවන බව.