IMG-LOGO

අයි .ඩී. එච් එන රෝගීන්ගෙන් සියයට 85 කට කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

රෝගීන් වාර්තාවන අමුතුම ආකාරය දෙස බැලීමේදී  තුන්වෙනි රැල්ලට වඩා වැඩි දරුණු තත්වයක් ඉදිරියේදී මතුවනු ඇතැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ(අයි. ඩී.එච්) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ  බාහිර රෝගී අංශයට  ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අයගෙන් සියයට  85ක් පමණ ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන බවද  හෙතෙම සඳහන් කළේය.

මෙලෙස අලුතින් හඳුනා ගැනෙන රෝගීන්ගේ ශරීරයන්හි පවතින  වයිරස  ධාරිතාවයද ඉහළ බව  රසායනාගාර වාර්තාවලින් පෙනී යන්නේ යැයි  පැවසූ විශේෂඥ වෛද්‍යවරයා  මෙය ඩෙල්ටා  ප්‍රභේදය නිසා සිදුවන්නක්  යැයි  සැක කළ හැකි බවද ප්‍රකාශ කළේය.

රෝගීන් හමුවන ආකාරය දෙස බැලීමේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය  පැතිරෙන්නේ යැයි  අනුමාන කළ හැකි බවත්  මේ තත්වය යටතේ රටට  ඉදිරියේදී  දැඩි අසීරු තත්වයකට මුහුණ වීමට සිදුවනු ඇති බවත්  ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය.

පවතින තත්ත්වය යටතේ රෝගීන් අඩුකර ගැනීම අභියෝගාත්මක විය හැකි බව පැවසු  හෙතෙම  ජනතාව කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බවද     සඳහන් කළේය.

ජනතාව සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමින් අවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු කටයුත්තකට එළියට නොගොස් නිවෙස්වලටවී කටයුතු කරන්නැයිද  විජේවික්‍රම මහතා ඉල්ලීමක් කරයි. 



අදහස් (2)

අයි .ඩී. එච් එන රෝගීන්ගෙන් සියයට 85 කට කොවිඩ්

රජින්ද Tuesday, 03 August 2021 10:28 AM

ලබන අවුරුද්දට නිවාඩු දවස් අවලංගු කරලා මේ මාසේ ඉදන් මාසයක් රට වහන්න. ජනතාවට මාසයකට හරියන්න භාණ්ඩ රැස් කරගන්න දවස් 3ක් දීලා රට සම්පුර්ණයෙන්ම වහන්න. මේ වැඩේ හරියන්නේ නැහැ නැත්නම්..., අපි රස්සාවට යනවා ඔන්න එකෙක්ට පොසිටිව් කිව්වාම ආයේ ගෙදර ඉන්නවා. ආයෙත් එන්න කිව්වාම යනවා. පොඩ්ඩක් හොයලා බලන්න රජයේ සේවකයින් කී දෙනෙක් මාස ගාණක් නිකං ගෙදරට වෙලා පඩි ගත්තද? හුඟක් අය කලේ ඔවුන්ගේ ප්‍රොමෝෂන් වලට කෝර්ස් කරපු එක. මේ විදිහට රටක් අරගෙන මොන ප්‍රගතියක්ද...? කරනවා නම් වැඩේ හරියට කරන්න. නැත්නම් එක එක අය මීඩියා ඉස්සරහට ඇවිත් වැල් බයිලා නොගහ ඉන්න.

:       0       0

Sri Lanka Tuesday, 03 August 2021 04:15 PM

එදත් IDH එකට ගියේ සෙමට බෙහෙත් ගන්න. අදත් ඒකටම තමයි යන්නේ. එදා නම වෙනස් කරලා කොරෝනා රෝගීන් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 238 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 760 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1181 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site