බිමල් ෂ්‍යාමන් ජයසිංහ
වැල්ලම්පිටිය විජය විමලරත්න මාවතේ නිවසක් කුලියට ගෙන අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් අද (29 ) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරු සන්තකේ තිබී රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් අසූ එකක් සහ ලක්ෂයක් පමණ වටිනා මත්පෙති 28 ක් සොයාගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.
වැල්ලම්පිටි ප්‍රදේශ පුද්ගලයෙකු සමාජ ශාලාවලට සහ විවිධ පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට දිසා දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඔහු සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය සහ අල්මාරි බහා තිබූ මත්පෙති සොයාගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වන අතර සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා වැල්ලම්පිටිය පොලිසියට භාර දී ඇත .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට