'පැනමා පත්‍රිකා' හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර තිබේ.
පැනමා පත්‍රිකාවල සඳහන් වී ඇත්තේ අයිශ්වර්යා රායි භච්චන් ඇගේ විදෙස් මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් දූපතේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවටය.
විදේශ විනිමය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බැවින් අයිශ්වර්යා රායි භච්චන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සිදුවුණු බව ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම ප්‍රශ්න කිරීම්වලදී, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අයිශ්වර්යා රායි භච්චන්, ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ට අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලා
Shan Wednesday, 22 December 2021 12:00 AM
ඒකට අපේ රටේ කාන්තාවකගේ නමකුත් තිබුනා. කිසි කෙනෙක් කිසිම කතාවක් නැහැ ඒ ගැන.
ලුම්බිණි Wednesday, 22 December 2021 08:02 AM
ඒ උනාට අපේ රටේ පැනමා පත්‍රිකා' හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපි තමයි හොඳටම කලේ.