(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඞ් සහරාන් ගේ හා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි තුනක් සහ අනවසරයෙන් ලඟ තබාගත් ඩ්‍රෝන කැමරාවක් සමඟ අයි එස් අයි එස් සාමාජිකයකු බවට සැකකරන තරුණයකු අද (01) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පෙලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිහාරිය කහටෝවිට ප‍්‍රදේශයේ පදිංචිව සිටි කැමරා හා වීඩියෝ ශිල්පියෙකු බව කියන 29 හැවිරිදි තරුණයෙකි. සැකකරු ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ඇතුළු දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමීපව ඇසුරු කර ඇති පුද්ගලයෙකු බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරුක් අනුව මෙම වැටලීම කර ඇත.
සැකකරු සතුව තිබූ ඩ්‍රෝන කැමරාව මීටර් 500 උසින් කිලෝමීටර් අටක් දුර ගමන් කරවිය හැකි එකක් බවට පොලිසියට තොරතුරු ලබී ඇත. ලැප්ටොප් පරිගනකයක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර අයි එස් අයි එස් නායකයාගේ ජායාරූප දේශන ආදිය සහිත සංයුක්ත තැටි හයක්ද හමුවූ බව පොලිසිය කියයි.
සහරාන්ගේ දේශන සහිත වීඩියෝවක්ද සැකකරු සතුව ඇති උපකරණවලින් සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇති අතර කාන්තන්කුඩි ප‍්‍රදේශයේ පවත්වන ලද දේශන ගණනාවක් ද මෙහි ඇතුලත් ව තිබූ බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට
jayantha Thursday, 02 May 2019 02:32 AM
මේ කට්ටිය අරන් යන්න බැරිද හංගපු බෝම්බ, කඩු වගේ දේවල් හොයන්න ? එහෙම නැතුව නම් මේවට විසඳුම් හොයන්න බැරිවේවි.